මිනුවන්ගොඩ නිල්පනාගොඩ හුරිගහමුල රතුකුරුස හන්දියේදී 27 දා දහවල් නිරෝධායනයට යන පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකට යටවීමෙන් යතුරු පැදියක ගමන් කළ තරුණයකු එතැනම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.එම අනතුර සිදුවීමත් සමගම ජනතා විරෝධය පලවීමෙන් අනතුර සිදු වූ ස්ථානයේ උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවිය.මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය දිවුලපිටිය අස්වැන්නවත්ත පදිංචිව සිටි රාමනායකගේ නිපුණ ඉෂාන් රාමනායක නැමති 23 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයා තවත් පුද්ගලයකු සමග දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී පාර හරහා පැන්න පදිකයකුගේ ද ඇගේ හැපී ඇතැයි පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවල දී හෙළිවී ඇත.
පාර මැදට වැටුණු තරුණයා ඒ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බස් රථයට යටවී හිස පොඩිවී ඇතැයි ද පොලිසිය කියයි.මෙසේ යටවී ඇත්තේ කටුනායක සිට කුරුණෑගල දෙසට ගමන් ගත් නිරෝධායනයට ලක් කිරීමට සංචාරකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයකට බවත් පොලිසිය පවසයි. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලට මාරුකර යවා ඇති අතර යතුරු පැදියේ ගැටුණු පදිකයා සොයා ගැනීමට නොහැකි වූ බවදපොලිසිය කියයි.
මෙම සිදුවීමත් සමග නිරෝධානයන සඳහා යොදාගන්නා බස් රථ හමුදා නාමය සඳහන් කරගෙන අධික වේගයෙන් ගමන් කරන ඒවා බවත් ඒවායේ බලපත්‍ර නිසියාකාරව නැති බවත් පවසමින් ප්‍රදේශවාසීහු විරෝධය පළකරන්නට වූහ. පසුව පැමිණි බස් රියකට ද මග අවහිර කරමින් ජනතාව විරෝධය පළ කරනු ලැබූහ.බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිරෝධායනයට ලක් කරන පිරිස වෙනත් බසයකින් යැවීමට පියවර ගෙන තිබේ. බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක වෛද්යාචාර්ය චන්ද්‍රසිරි මාරසිංහ මහතාගේ නියෝගයෙන් මියගිය අයගේ දේහය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී මරණ පරීක්ෂණයට හා පශ්චාත් මරණ පරික්ෂණයට ලක් කිරීමට කටයුතු යොදණු ලැබීය.අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඒ.ටී.එම්. රණසිංහ මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර රිය අනතුරකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇතැයි නිගමනය කරනු ලැබුවාය. ඒ අනුව මෙම මරණය මාරක අනතුරක් නිසා වුවක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.
සැකකාර රියදුරු අධිකරණයට පමුණුවන ලෙස පොලිසියට නියෝග කෙරිණි. මෙම මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොෂාන් මහේෂ් මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක දනන්සුරිය පොලිස් කොස්තාපල් 87406 සුදර්ශන යන නිලධාරිහු පරික්ෂණ පැවැත් වූහ. පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවල දී හෙළිවී ඇත. පාර මැදට වැටුණු තරුණයා ඒ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බස් රථයට යටවී හිස පොඩිවී ඇතැයි ද පොලිසිය කියයි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
0 Comments