mirihana-death

මිරිහාන රාහුලපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහලෙන් බිමට වැටි අයකු ඊයේ 16 අලුයම ජීවිතයට පත්ව ඇතැයි වර්තන පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ කෝට්ටේ , මාදිවෙල, 56 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.   මියගිය තැනැත්තා තම බිරිය සමඟ නිවෙසේ හුදකලාව ජීවත්ව සිට ඇති අතර 16 දා අලුයම ඔහු උඩුමහලේ සිට අනාරක්ෂිත පියගැට පෙළෙකින් පහළ මාලයට එමින් සිටිය දී පය ලිස්සා මෙසේ බිම ඇදවැටී අනතුරුට පත්ව ඇති බවට  පොලිසිය සැක කරයි.



අනතුර වන අවස්ථාවේ දී කිසිවකු දැක නැති අතර පසුදා අලුයම බිරිය නිවසේ සාලයට පැමිණෙන අවස්ථාවේ දී  ලේ සහිතව සැමියා බිම වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය පැවසීය. පසුව බිරියගේ කෑ ගැසීමත් සමග අසල්වාසීන් ද පැමිණ වැටී සිටි පුද්ගලයා මියගොස් ඇති බවට වූ සැකය මත 119 හදිසි ඇමතුම් අංකයට කතා කොට සිද්ධිය දැනුම් දී ඇතැයි පැවසේ. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණ පරික්ෂණ ආරම්භ කරන ලද අතර අපරාධ ස්ථාන පරික්ෂණ ආයතනයේ නිලධාරින් ද පැමිණ පරික්ෂණ කළහ.

පසුව මහරගම හදිසි මරණ පරික සාමවිනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය  පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීම සඳහා දේහය කලුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස  පොලිසියට නියෝග කළේය.  ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහරගම හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිරි මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී 16 දා සිදු කිරිමට නියමිතව තිබුණි .


 -ප්‍රදීප් කුමාර කුලරත්න-