myanmar-protest-tatoos

මියන්මාරය තුළ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දැක්වීමේ අරමුණින් එරට ජනතාව සිය සිරුරු මත පච්ච කොටා ගැනීම සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් පිළිබඳව වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි. 

ඒ අනුව මෙහිදී හමුදා කුමක්ත්‍රණයට එරෙහිවිමේ තේමාව යටතේ මෙම පවා නිර්මාණය කෙරෙන බව සඳහන් වෙයි.එහිදී 'බියෙන් නිදහස් වෙමු' 'වසන්තයේ විප්ලවය' වැනි වදන් මෙන්ම එරට නායිකා අවුන් සාන් සුකීගේ ඡායාරූප සහ ඇයගේ දේශපාලන ව්‍යාපාරය තුළ සුප්‍රසිද්ධ ඇගිලි තුනක ආචාරය යනාදිය මෙහිදී ජනප්‍රියතම පච්චා අංග බවට පත්ව තිබේ.

පසුගිය පෙබරවාරි 01දා මියන්මාරය තුළ මෙම හමුදා කුමන්ත්‍රණය ආරම්භ වී ඊට එරෙහිව ජනතාව නැගී සිටීම සිදුවුණු මොහොතේ සිට ජනතාව අතර මෙම පච්ච කොටා ගැනීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙන බව එරට පච්චා නිර්මාණ සිදුකරන පිරිස් පවසා සිටිති.මේ අතරින් පච්චා කොටා ගැනීම සඳහා පැමිණි යැන්ගොන්හි අවුරුදු 23ක තරුණියක්, "පෙබරවාරි 01දා සිදුවීමෙන් පස්සේ මට මගේ අනාගතය අහිමි වුණා වගේ හැඟීමක් දැන් තියෙන්නේ. මට ඒ ගැන හරී වේදනයි. මට ඒ වේදනාව කවදාවත් අමතක කරන්න වුවමනා නැහැ. ඒ නිසා මම මේ පච්ච කොටා ගන්නවා." යනුවෙන් පවසා ඇත.මෙහිදී පවා නිර්මාණකරුවන්ද නොමිලේම ජනතාවට මම පච්චා කෙටීම සිදුකරන බවත් සඳහන් වෙයි. තමන්ටද අවශ්‍යව ඇත්තේ මම හමුදා පාලනය මියන්මාරයෙන් අතුගා දැමීම බවද ඔවුන් පවසා සිටියි.