
2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ අතර ඔහු එම තනතුරට පත් කළේ දින 52 ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා කොරෝනා මර්දන ජාතික වැඩසටහනේදී මෙන්ම කැබිනට් තීරණ දැනුම්දීම ඇතුළු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ සුවශේෂ කාර්ය රැසක් කැපවීමෙන් ඉටු කළ අයෙකි.
මේ අතර පසුගිය දින කිහිපයේ ගුවන් විදුලි සංස්ථාව ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම තනතුරු අහිමිව යාමේ රැල්ලට අනුව මෙම අස්වීම සිදුවූයේද යන්න පැහැදිලි නැත.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳ නාලක කළුවැව මහතා ප්‍රකාශයක් ලබාදී නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval