Narmada Yapa Abewardena

රූප රාජිනියක, දක්ෂ නර්තන ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිවේදිකාවක වශයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත්
ඇය නමින් නර්මදා යාපා අබේවර්ධනයි. මේ දිනවල හිරු copy chat වැඩසටහන සහ වින්දනීය උදෑසන
යන වැඩසටහන් තුළින් අපගේ ආලින්දයට එන ඇයගේ නවතම තොරතුරු දැනගැනීමට අපි ඇයට කතා කළා.
 


මේ දිනවල නිවේදන කටයුතුත් සමඟ නේද වැඩි වශයෙන් කාලය ගත වෙන්නේ?

ඔව්. මම මේ දවස්වල හිරු Tv වින්දනීය වැඩසටහනට උදෑසන අඟහරුවාදා සහ සිකුරාදා දිනවලදී
සම්බන්ධ වෙනවා. ඊට අමතරව හිරු copy chat  වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව
මම තව USA  Company එකක් වන Pe diatric Clionic එකක Director Promotions
විදිහට වැඩ කරනවා.

රංගනයට සම්බන්ධ වීමට කැමැත්තක් නැද්ද?

ඇත්තටම  Miss Sri lanka  සහ  Mrs Sri Lanka  වීමත් සමඟ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට
සඳහා ඉතාම හොඳ අවස්ථා ගොඩක් ලැබුණා. නමුත් ඉතින් මම හිතනවා මට රඟපෑමේ හැකියාව නැහැ
කියලා. ඒ නිසා රංගනයට එක් වෙන්න වැඩි කැමැත්තක් මා තුළ නැහැ.

ඔබ ඉතාම හොඳ නර්තන ශිල්පිනියක්. නර්තනයට යොමු වූ ආකාරය ගැන මතක් කළොත්?

මම අවුරුදු 13දී තමයි චන්න විජේවර්ධන සර් ළඟ නර්තනය හදාරන්න යොමු වුණේ. ඉන් අනතුරුව අවුරුදු
10ක් චන්න සර් ළඟ නර්තනයේ නිරත වුණා. ඉතින් ආපසු නර්තනයට යොමු වෙන්න නම් ආසයි. නමුත් ඉතින්
දැන් තිබෙන කාර්ය බහුලත්වයත් සමඟ ඒ පිළිබඳව වැඩිදුරට හිතන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ වනවිට නිවේදන වෘත්තිය තුළත් නියැළී සිටිනවානේ. ඒ ආගමනය සිදු වූ ආකාරය මතක් කළොත්?

මම මුලින්ම  Max TV එකෙන් තමයි මුලින්ම නිවේදන කටයුතු ආරම්භ කළේ. ඉන් අනතුරුව Derana Miss
Sri Lanka තරගයට සම්බන්ධ වීමෙන් අනතුරුව තමයි TV Derana තුළ නිවේදනයට සම්බන්ධ ආරාධනා
ලැබුණේ. ඉතින් මගේ පළමුවැනි වැඩසටහන Derana Juke Box. ඉන් අනතුරුව Music online
වගේම නාරද බක්මීවැව අයියත් එක්කත් වැඩසටහන්වලට සම්බන්ධ වුණා.

මේ වනවිට ඔබ හිරු ඊඍ වින්දනීය උදෑසන වැඩසටහනට නිවේදනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ
අත්දැකීම පිළිබඳව කතා කළොත්?

මම හිතන්නේ එවැනි ගණයේ වැඩසටහනකට මම සම්බන්ධ වුණේ පළමු වතාවට. මොකද මේක කාන්තා
වැඩසටහනක්. ඉතින් කාන්තාවන්ට ඇතිවන ප්‍රශ්න ගැටලු ගැන තමයි ඒ තුළ ගොඩක්ම කතාබහ කරන්නේ.
ඊට අමතරව ජේ‍යාතිෂය, ශරීර සෞඛ්‍ය සහ රූපලාවණ්‍ය වගේ ගොඩක් පැති ගැන මේ වැඩසටහන තුළදී
කතාබහ කරනවා.

ඒ කියන්නේ මෙම වැඩසටහන තුළදී ඔබ පෙරදී නිවේදනයෙන් සම්බන්ධ වූ නිදහස් ආරේ නිවේදන ශෛලියෙන්
බැහැරව කටයුතු කරන්නට ඔබට සිදුවී තිබෙනවා කියන එක නේද?

ඔව්. ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉතින් අදාළ වැඩසටහනට පෙරාතුව එම වැඩසටහන පිළිබඳව
පෙර අධ්‍යයනයකින් යුතුව කටයුතු කළ යුතුයි. අමතර දේවල් පිළිබඳ කියවා බලා පෙර සූදානම් වීම
අත්‍යවශ්‍යයි.

ගොඩක්ම කතාබහට ලක්වෙන්නේ. ඊට අමතරව ජේ‍යාතිෂ්‍ය ශරීර සෞඛ්‍ය පිළිබඳව මෙන්ම රූපලාවණ්‍ය
වගේ ගොඩක් ක්ෂේත්‍රයන් පිළිබඳව මේ වැඩසටහන තුළදී කතාබහ කරනවා.

නිරූපණ ක්ෂේත්‍රයට හෝ Miss Sri Lanka වැනි තරගාවලි සඳහා ඉදිරිපත් වෙන්න බොහෝ තරුණියන් තුළ
යම් චකිතයක් තිබෙනවා. එවැනි අයට ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

මම හිතන්නේ තමන්ගේ ජීවිතයේදී කිසිම දෙයක් බලෙන් කරන්න බැහැ. තමන්ගේ ජීවිතයේ තීන්දු තීරණ තමන්ම
තමයි ගත යුත්තේ. අදාළ වේලාවට හරි තීරණය ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිරූපණ
ක්ෂේත්‍රය කියන්නේ නරක තැනක් නෙමෙයි. ගොඩක් අවස්ථාවන් හිමි තැනක් මේක. ඒ තුළ ජීවිතයේ ගොඩක්
වටින දේවල් ලබා ගන්නත් ඒ හරහා අපට අවස්ථාව හිමි වෙනවා.

අනාගතහේදී පුතාලා දෙන්න කොයි වගේ ක්ෂේත්‍රයකට යොමුවෙයි කියලද ඔබ හිතන්නේ?

මගේ ජීවිතයෙහි ගොඩක් ප්‍රශ්න ඒ දෙන්නා දැකලා තියෙනවා. ඉතින් කවදාහරි ඒ දෙන්නා ලොකු
මහත්වෙලා හොඳට ඉගෙනගෙන කසාද බඳින දවසක එයාලා බඳින ගැහැනු දරුවන්ට හොඳින් සලකමින් හොඳ
පුරවැසියන් වෙනවා දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව.



නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ඒ ආකාරයෙන් අධ්‍යාපනය ලැබිය හැකි ස්ථාන අප රට තුළ තිබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම තිබෙනවා. රොසෑන් ඩයස්, බ්‍රයන් කර්කවන්, චූලා ප්මේන්ද්‍රන් වැනි අය යටතේ
පවත්වන professional Mod;ing School තියෙනවා. එවැනි තැන්වල අවුරුදු 16 ඉඳන්ම ට්‍රේන්
වෙන්න අවස්ථාව අලුතෙන් එන ළමයින්ට තිබෙනවා.

රැකියාවන් කිහිපයක නිරත වන අතරතුර දරුවන්ගේ වැඩකටයුතු සහ ඔබගේ අනෙකුත් වැඩකටයුතුවලට කාලය
කළමනාකරණය කරගන්නේ කොහොමද?

ඔව්. දැන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් දරුවන්ගේ වැඩත් සමඟ රැකියාවල වැඩකටයුතුත්
නිවැරැදිව කර ගැනීමට මානසික සුවය කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මගේ සියලුම වැඩකටයුතුවලට මගේ
අක්කා, අයියා සහ මගේ අම්මගෙන් පුදුම සහයෝගයක් ලැබෙනවා. මම රැකියාවට යන විට මගේ
දරුවන්ගේ වැඩ ගොඩක් වෙන්නේ ඒ අය අතින්.

අත්දැකීම් බහුල කාන්තාවක වශයෙන් අනේකවිධ පවුල් ප්‍රශ්න හමුවේ පීඩාවට පත්වන කාන්තාවන්ට ඔබට
මොනවාද කියන්න තිබෙන්නේ?

ඇත්තටම මට ආව ප්‍රශ්න හමුවේ විශාදය ඇති වුණා. ඒ වෙනුවෙන් ප්‍රතිකාර පවා ලබා ගත්තා. ජීවිතය
එපා වුණු අවස්ථාත් තිබුණා. නමුත් ඉතින් මනුෂ්‍යයන් වශයෙන්  අපි ඕනම කෙනෙක්ට එවැනි තත්ත්වයන් ඇති
වෙන්න පුළුවන්. එතැනදී මට තිබුණු එකම ශක්තිය හයිය වුණේ මගේ පවුල. මගේ අක්කා - අයියා -
අම්මා- තාත්තා සහ මගෙ දරුවො දෙන්නා. ඉතින් එයාලගෙන් මට ලැබුණු සහයෝගයත් සමඟ මට නැවත
නැඟී සිටීමේ හැකියාව ලැබුණා. ඉතින් මම නම් කියන්නේ කාන්තාවන් වශයෙන් අපට මොන ප්‍රශ්න ආවත්
අපේ දරුවන් වෙනුවෙන් ඒවට නොබියව මුහුණ දිය යුතුයි, හැමදාම ප්‍රශ්න ගැටලු කිය කියා හඬා වැටිය
යුතු නැහැ කියලා තමයි.

කාන්තාවක වශයෙන් ඇයට පුරුෂයකුගේ ආදරය, රැකවරණය ලැබීම අත්‍යවශ්‍යයි කියා ඔබ සිතනවාද?
නැවත විවාහයකට යෑම සුදුසුද?

මම හිතන්නේ කාන්තාවකට තනිවම ජීවත් වෙන්න පුළුවන්. දුක් විඳිමින් ප්‍රශ්නවල ජීවත් වෙන විට එය
දරුවන්ටත් මානසිකව බලපානවා. ඉතින් ඊට වඩා හොඳයි එවැනි කෙනෙක්ගෙන් වෙන් වී තමන් තනියම ජීවත්
වීම. භෞතික මානසිකව හා මූල්‍යමය වශයෙන් කාන්තාවක් ශක්තිමත් නම් ඇයට නැවත විවාහයක් කරා යෑම
හෝ පුරුෂයකුගේ අවශ්‍යතාවක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. කොහොමත් ආයෙත් තව කෙනෙක්ට
මගේ ජීවිතයේ ඉඩක් නැහැ.

දරුවෝ දෙන්නා ගැනත් අපි මතක් කරමු?

ලොකු බබාගේ නම ආදිත්‍ය, එයාට අවුරුදු 7යි. එයා ගේට්වේ ඉන්ටර්නැෂනල් කොලේජ් එකේ තමයි ඉගෙන
ගන්නේ. පොඩි බබාට මාස 13යි. එයාගේ නම නෝවා.

අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්?

දැනට මම මගේ ජීවිතයේ යම් ස්ථාවරයකට එමින් පවතිනවා. මගේ රැකියාවල වැඩකටයුතු ඔක්කොමත්
කරගෙන ජීවිතයේදී කඩා වැටෙන්නේ නැතිව නැඟී සිටිමින් දරුවෝ දෙන්නවත් හොඳින් හදාගෙන ජීවත් වෙන්න
තමයි එකම බලාපොරොත්තුව.

දිනූෂා මනෝරි නිශ්ශංක