පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම වියපත් පෙම්වතුන් නිසා තරුණියන්ට සිදුවූ අකරතැබ්බ ගැන සමාජය කතාබහ කර තිබුණි. මිගමුව වැල්ලවිදිය නිවාසයක ගරාජයක එලමින් තිබු තරුණියගේ මරණය පිළිබඳව අලුත්ම සංසිද්ධියද එවැන්නකි.
මෙලෙස එල්ලී මියගොස් තිබුනේ මනෝහරන් ලක්ෂිනි නමැති 24 වන වියේ පසුවූ තරුණියකි. ඇයගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා මෙම මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබුණ අතර පොලිස් පරීක්ෂණවලදී මියගිය තැනැත්තිය විසින් ලියන ලදැයි කියන ලිපියක් හමුවී තිබුණි.
ඒ සම්බන්ධව විමර්ශනය කළ මීගමුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබුනේ මුහුණු පොත මගින් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන වසර ගණනාවක් තිස්සේ කායික සබඳතා පවත්වා තිබූ තම පෙම්වතා එම සබඳතා පවත්වන අවස්ථාවල පසුව රසවිඳින්නට යයි කියමින් ඒවා පටිගත කළ බව වන නමුත් තමා විවාහ යෝජනා ගෙන ආ විට ප්‍රතික්ෂේප කරමින් තමා සමග අමනාප වූ බවත්ය.
අනතුරුව තමා පවුලේ අයට එය දන්වන බවට කියූ පසු තමාගෙන් බේරීමට පලිහක් ලෙස තමන් සමග කායික සබඳතා පැවැත්වූ වීඩියෝ දර්ශන පාවිච්චි කරන බවට ඔහු තර්ජනය කළ බවයි.
දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා විසින් තර්ජනය කිරිම නිසා ඇයට ජීවිතය එපාවූ බවද අනාවරණය කර එම ලිපිය ලියා ඇත.
මෙම පෙම්වතා යයි කියන තැනැත්තා ඇය මෙන් දෙගුණයක් වයසැති මීගමුව පදිංචි වර්ණකුලසූරිය දොන් ශ්‍රීලාල් ප්‍රනාන්දු (50) නමැත්තෙකු බව පොලිසිය අනාවරණය කරගත් අතර සැකපිට මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එහිදී හෙළි වූයේ කෝටිපති හෝටල් ව්‍යාපාරිකයෙකුවූ ඔහු සිවුදරු පියකුද වන බවයි. ඔහු ඇය සමග කායික ඇසුර පැවැත්වූ බවට සටහන් වන වීඩියෝ සාක්ෂි සෙවීමට පොලිසිය විමර්ශන අරඹා ඇති අතර ඉදිරි විමර්ශනය අදාළ බැංකු ගිණුම් වර්තාද, ඩී.එන්.ඒ වාර්තා සහ දුරකතන වර්තා ද ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසිය.
අදාළ වාර්තා මිළඟ නඩු දිනය වන 23 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියම කළ අතර එදින දක්වා සිව්දරු පියා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
තොරතුරු -ඩබ්ලිව්.කිර්ති
0 Comments