දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවැසීය.
ඒ අනුව බර වාහන රියැදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහන රියැදුරු බලපත්‍රයක් අලූතින් හඳුන්වාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සියලූම මගී ප්‍රවාහන බස් රථ රියැදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියැදුරු බලපත්‍රය ලබාදෙන බවත් ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
අරුණ බෝගහවත්ත
0 Comments