මත්පෙතිවලට ඇබ්බැහි වූ පුතෙක් තම මවගේ සායන පොතට කිසියම් පෙති වර්ගයක නම ව්‍යාජව සටහන් කර
ලබාගැනීමට තැත් කිරීමේදී අසුවීමෙන් සායන පොතද දමා පැනගොස් ඇති බව නිකවැරටිය රෝහලෙන්
වාර්තා විය.
කොරෝනා වසංගතයත් සමඟ පසුගිය දිනවල සායන පොත ඉදිරිපත් කර බෙහෙත් ලබාගැනීමට පහසුකම් ලබාදී
තිබූ අතර නිකවැරටිය රෝහලට පැමිණි තරුණයෙක් තම මවගේ සායන පොත බෙහෙත් ලබාගැනීමට ඉදිරිපත්
කර ඇත.
ඔෟෂධවේදී මහතා බෙහෙත් ලබාදීම සඳහා සායන පොත බැලීමේදී එම මවට නොගැළපෙන බෙහෙතක්
පොතෙහි සටහන්ව තිබීමත් එම බෙහෙතෙහි නම ලියා ඇති අකුරු සැසඳීමේදී සැකයක් මතුවීමත් නිසා මේ බව
වෛද්‍ය අංශයට දැනුම් දී ඇත.
මේ සම්බන්ධව වෛද්‍ය අංශය පරිශීලනය කිරීමේදී සායන පොතෙහි සටහන ව්‍යාජ සටහනක් බවද තරුණයා
ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ මත්වෙනසුලු වේදනානාශක බෙහෙත් වර්ගයක් බවද සනාථ වී තිබේ.
රෝහල් පොලිසියට දැනුම් දී සොයා බැලීමේදී තරුණයා සායන පොතද දමා පැනගොස් ඇති බව දැනගන්නට
ලැබී ඇති අතර එම තරුණයා මහව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු බවට තොරතුරු සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
කොබෙයිගනේ _ ධර්මසේන රණසිංහ
0 Comments