“වර්තමානයේ සිංහරාජය, හන්තාන හා මුතුරාජවෙල ප්‍රදේශවල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ල
යහපාලන සමයේ නිර්මාණය වූ සිද්ධීන්” යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය
ඇමැති නිමල් ලාන්සා අවධාරණය කරයි.
වත්තල නුගපේ බෝපිටිය මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මෙසේද පැවැසීය.
මුතුරාජවෙල අක්කර 700ක් විනාශ කිරීම, හන්තාන පරිසර විනාශය හා සිංහරාජය ඇතුළු පාරිසරික ගැටලු
සියල්ල නිර්මාණය වූයේ සමගි ජන බලවේගයට එහෙම නැතිනම් යහපාලනයට උදවු කළ ව්‍යාපාරිකයන් හා
හිතවාදීන් නිසා. මේ ගැටලුවලට අපේ රජයට ඇඟිල්ල දික් කරන්න බැහැ. හැබැයි මුතුරාජවෙල වගේම
හන්තාන හා සිංහරාජය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය නොවන සංවිධාන ටිකක් එකතුවෙලා
පරිසරය විනාශ කරනවා කියලා මතයක් ගොඩ නඟන්න හදනවා. හැබැයි මේ පරිසර විනාශය කළේ කවුද?
යහපාලන රජය. සිංහරාජයට,
මුතුරාජවෙල හෝ හන්තාන විනාශයට කිසිදු බලපත්‍රයක් අපේ රජය දීලා
නැහැ. මේ සියල්ල ආරම්භ වුණේ යහපාලන කාලයේ.
අද විපක්ෂයට රටේ සංවර්ධනය බලන් ඉන්න බැහැ. ඒ නිසා තමා මේ පරිසර ප්‍රශ්නයක් නිර්මාණය
කරලා රට තුළ අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරමින් ඉන්නේ අපේ රජය පරිසරය විනාශ කරනවා කියලා.
අපේ රජයට ගස් කපන්න කිසිදු වුවමනාවක් නැහැ. අපි පාරක් හදනකොට මීටර් විසි පහෙන් විසි පහ පැළ
සිටුවන්න කටයුතු කරනවා. පැළයක් සිටුවන්නේ නැති ගස් කපපු මිනිස්සු සමාජ මාධ්‍යවල දානවා පරිසරය
රකින්න ඕනේ කියලා. අපේ රජය පරිසරය ආරක්ෂා කරගනිමින් තමා සංවර්ධනය සිදු කරන්නේ.
විහාරමහාදේවී උද්‍යානයේ චිත්‍ර අඳින්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නඩු දාපු කෙනා. ඒක
ගලවන්නේ සමගි ජන බලවේගයේ නගර සභාවෙන්. බනින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට.
මේක තමා අද
විපක්ෂයේ බංකොලොත්භාවය.
කොවිඩ් වසංගතය ආවාම ජනාධිපතිතුමා කීවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්, රටක් සංවර්ධනය කරන්න
පුළුවන්, හැබැයි කොවිඩ්වලින් අපේ ජනතාව මැරෙන්නේ නැතිව ආරක්ෂා කර ගන්න එකට තමා ප්‍රමුඛතාව
දෙන්න ඕනේ කියලා. ඒ අනුව දියුණු හා සංවර්ධිත රටවල්වලට වඩා හොඳින් අපි කොවිඩ් එක පාලනය
කළා. කොවිඩ් පාලනය අතින් අපි දස වැනි ස්ථානයේ සිටිනවා. එන්නත්කරණය අතින් අපි නව වැනි තැන
ඉන්නවා. ඒක තමා ඇත්ත තත්ත්වය.
හැබැයි විපක්ෂය මොකද කළේ ජනතාවට එන්නත්කරණය කරන්න එන්නත් ගේන වැඩපිළිවෙළක් නැහැ කීවා.
එන්නත් ගෙනාවම ගබඩා කරන්න වැඩපිළිවෙළක් නැහැ කීවා. ගබඩා කළාම ප්‍රවාහනයට වැඩපිළිවෙළක්
නැහැ කීවා. එන්නත දෙන්න ගත්තාම අතුරු ආබාධ එනවා කීවා. ගේන්නේ නැතිව ඉන්නකොට ගේන්නේ
නැහැ කියනවා ගෙනාවම හොඳ නැහැ කියනවා. මේක මහ පුදුම විපක්ෂයක්.
ජේ. ටී. ද සිල්වා
0 Comments