කොරෝනා වසංගතය නිසා කල් ගිය 2020 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුනේ 2021 මාර්තු මාසයේ මුල් සතියේය. මාර්තු 01 සිටදින 10ක් ඒ සඳහා වෙන්කර තිබිණි.
වසංගත තත්වය නිසා බොහෝ කාලයක් නිවෙස්වලට වීසිටි සිසු සිසුවියනට සාමාන්‍ය පෙළ විභාගය නිසා යම් උත්තේජනයක් ඇතිකරන්නට ඇත. බොහෝකලක් මුණනොගැසුණුමිතුරු මිතුරියන් හමුවී සතුටුසාමිචියේ යෙදීම, ඔවුන් සමග විභාගය ගැන කතාබහකිරීම ඊළග උසස්පෙළ කඩඉම ගැන විමසන්නට මෙන්ම පරණ කෝන්තරද නැවත කරළියට එන්නේ මේ සමගමය. මාර්තු 10වැනිදා අ.පො.ස සා.පෙළ විභාගයේ අවසන් දිනයයි.එදින කොළඹට නුදුරු පොලිස් කොට්ඨාසයක පොලිස්ථානවලට විශේෂ පණිවිඩයක් ලැබී තිබිණි. ඒඑදින දහවල් විභාගය අවසන්වෙන අවස්ථාවේ සිය කොට්ඨාසයේ විභාග පැවැත්වෙන සියලු විදුහල් අසල ආරක්ෂාව තර කරන ලෙසය. මීට අමතරව විභාගය අවසන්වනදා තම දුදරුවන් නිවසට කැඳවාගෙන යාම සඳහා විදුහල අසලට පැමිණෙන ලෙස විදුහල්පතිවරු විභාගයට පෙනීසිටි සියලු සිසුසිසුවියගේ මාපියනට විශේෂයෙන් දන්වා තිබිණි.
මීට හේතුව කුමක්ද? එයනම් සැබැවින්ම බරපතළ කාරණයකි, විභාගය අවසන් වන දින ඇතැම් සිසු සිසුවියන්ට තවත් ඉලක්කයක් තිබිණි, ඒ විභාගය අවසන් වී යන අතරේ පරණ කොන්තර පිරිමසා ගැනීමට සුදානම් වීමයි. එම විදුහලේම සිසු සිසුවියන් සමග මෙන්ම පිටස්තර විදුහල්වලින් තම විදුහලට විහාගය ලියන්නට ආ සිසු සිසුවියන්ට පහරදීමට,අඩත්තේට්ටම් කිරීමට.මෙන්ම විවිධ හිංසා පීඩා සිදුකිරීමට ඇතැම් සිසු සිසුවියන් සුදානම්ව සිටිය මුත් පොලිසියේ සහ ගුරු දෙගුරුන්ගේ මැදිහත් වීම නිසා බොහෝ සිදුවීම් වැළැකී ගියේ වාසනාවට මෙනි.
විභාගය අවසන්වුණුදා ඇතැම් විදුහල් අසල පොලිස් ආරක්ෂාව තරකොටතිබූ අතර විභාගය විදුහල අසල රංචු ගැසීමට ඉඩනොදී සිසුන් නිවාසවලට යැවීමට පොලිසිය පියවර ගන්නා අයුරු දක්නට ලැබිණි,
නමුත් රටේ තැන් තැන්වල සාපෙළ සිසු සිසුවියන් අතර ආරවුල් රැසක් සිදුවී තිබු අතර ඇතැම් ඒවා ජනමාධ්‍ය මගින්ද වාර්තාකර තිබිණි.
විභාගය අවසන්ව පාසලකින් පිටතට පැමිණි සිසු සිසුවියන් පිරිසක් තවත් සිසු සිසුවියන් පිරිසකට පහරදෙන ආකාරය සහ සිසුවියන් දෙපිරිසකගේ ගැටුම සමාජමාධ්‍යජාලා කලඹන්නටවූයේ එම වීඩියෝදර්ශන නැරඹූ විශාල පිරිසක් සමගිනි.
එකිනෙකාගේ කොණ්ඩාවලින් ඇඳගෙන ගුටි බැට හුවමාරු කරගත් මේ සිසුවියන් එකිනෙකාට බැණ අඬගසා ගන්නේ අසභ්‍ය වදන්වලිනි.
ඉන් නොනැවතුණ සිසුවියෝ ධාවනයට සුදානමිත් පසු වූ පෞද්ගලික බසයකටද ගොඩවී එකිනෙකා සමග ගැටුණු ආකාරය සමාජමාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍ය මගින්ද ප්රචාරයකැරුණේ ඔවුන් හැසිරුණු ආකාරය පිළිබඳ ලොවටම නරක පූර්වාදර්ශයක් දෙමිනි.
"මොකද මේ විහාගේ ඉවරවෙනදා ළමයි ගහගන්නේ?" යැයි වැඩිහිටියකු සා.පෙළට මුහුණදී නිවෙස බලායමින් සිටි සිසුවකු හමු වී විමසද්දී සිසුවා දීඇති පිළිතුර අපූරු එකකි.
"ඕ ලෙවල් ළමයි අතරේ එකඑක ආරවුල් තියෙනවා.ඒ හැමදෙයක්ම ඉස්කෝලේදී සිද්ධ වෙන දේවල් සමහර ඒවාට ගැනුළමයිනුත් හවුල් පහුගිය කාලේ ළමයින්ට ගොඩක් ඉන්න සිද්ධවුනේ ගෙදරටම වෙලා. ඉස්කෝල යන්න තිබුනේ දවස් ටිකයි. කොරෝනා ප්රශ්නය නිසා."
"ළමයිගෙදරට වෙලා හිටියත් සමහරු පරණ කොන්තර ඇදගෙන ගහගන්නවා. අන්තිම දවසේ වැඩිපුරම සිද්ධ වෙනවා මේ පාරඒක තවත් වැඩිවුණා.
රිසල්ට් එන්න තව මාසතුන හතරක් තියෙනවා, ඒඅතර ළමයි එකිනෙකා හමුවෙන්නේ නැතිතරම්, ඒනිසා අවසාන දවසේ පරණ කොන්තර පිරිමහාගන්න ගහමරාගන්න එක වැඩිවුණා."
මෙම ගැටුම මැද දුම්පානය, මත්පැන් පානය කරන අවස්ථාද වාර්තා විය. කණ්ඩායම් දෙකකට බෙදී එක්තරා නිවසක බිම වාඩිවී මත්වතුර පානය කරනා සිසුසිසුවියත්පිරිසකගේ වීඩියෝවක්ද මුදාහැර තිබුණි.
කඩවත විදුහලක සිසුවියන් දෙපිරිසක් අතර ගැටුමක් දුරදිගගොස් පොලිසියටද ගියේය.
එහිදී අනාවරණය වූයේ අදාළ විදුහලෙන් විභාගයට පෙනීසිටි සිසුවකු මහව තිස්ගම්පොළ ප්‍රදේශයේ විදුහලකින් තම විදුහලට විහාගය සඳහා පැමිණි සිසුවියක සමග ප්‍රේම සබඳතාවගොඩනගා ගැනීමට උත්සාහ කිරීමක් ගැනය. මෙම
මේ සිසුවා විභාගයේ විවේක කාලයේදී සිසුවිය අසලට ගොස් ඇගෙන් කැමැත්ත විමසුවද ඇය අකමැතිවීම නිසා ඇයට තර්ජනය කර පිටවගොස් මිතුරන් හමුවී අදාළ සිසුවිය තමාට බෑ කියූ බව මිතුරන්ට පවසා ඇත.
ඒ අතරම සිසුවිය විසින් සිසුවියගේ ගම්පළාත වූ තිස්ගම්පොල සිසුන් පිරිසකට තමන් මුහුණපා සිටි තර්ජනය ගැන කියා තිබේ. තිස්ගම්පොල ගමේ සිසුවෝ හා ආදරය පතන නගර සිසුවාගේ මිතුරන් (අතර ගැටුමක් මතුවන්නේ මෙම තර්ජන කතාව දුරදිගයාමෙනි. ගැටුම එතැනින් නිම නොවන අතර මේ නිසා තර්ජන වලට ලක්වන සිසුන් දෙමාපියන්ට ඒ ගැන කියා මහව පොලිසියටද පැමිණිලි කර තිබුණි.
පහරදුන් සිසුන් ගැන පරීක්ෂණ සිදු කරන්නටද පොලිසියට සිදු විය.
(අමල් රණබාහු)
0 Comments