ප්‍රංශයේ මුල් පෙළේ ධනවතෙකු මෙන්ම දේශපාලනඥයෙකුද වූ ඔලිවර් ඩසෝල්ට් හෙලිකොප්ටර් යානා අනතුරක් හේතුවෙත් මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. පසුගිය ඉරිදා (07)දා දිනයේදී ඔහු ගමන් ගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානය එරට නෝර්මැන්ඩ්හිදී අනතුරට ලක්වීමෙන් මෙලෙස ඔහු මරණයට පත්ව ඇත. අනතුරෙන් යානය පැදවූ නියමුවාද මිය ගොස් තිබේ.
69 හැවිරිදි ඔලිවර් යනු ප්‍රංශයේ ධනවත් කර්මාන්තකරුවෙකු වූ සර්ජේ ඩසෝල්ට්ගේ වැඩිමහල් පුත‍්‍රයාද වෙයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ රෆායෙල් ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදන සමාගම අයත් වන්ද ඔහු යටතේ පැවැති සමූහයටයි. එසේම එරට සුප්‍රසිද්ධ පුවත්පතක් වන Le Figaro පුවත්පතද මෙම පවුල වෙත අයත් වෙයි. 2020 ෆෝර්බස් ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව ඔලිවර් ලොව 361වැනි ධනවතා ලෙස සටහන්ව ඇත. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 7.15කි. ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියද බිලියනපතියෝ වෙති. සිය පියාගෙන් ලැබුණු දායාද අනුව ඔවුන් මෙලෙස බිලියනපතියන් බවට පත්ව ඇත.
0 Comments