ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යාපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදින විදානපතිරණ මහතා ඊයේ (21) පැවැසීය.
මේ තත්ත්වය නිසා ඔන්ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයිද එම දෙදෙනා ඉල්ලීමක් කර ඇති බව කී සභාපතිවරයා මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි නිලධාරින්ට උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය.
මේ අතර ඔන්ලයින් අධ්‍යාපනය හේතූවෙන් ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහි වීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදානපතිරණ මහතා කීවේය. මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
0 Comments