ව්‍යාජ නමකින්  පෙනී  සිටිමින්  බාලවයස්කාර පාසල් දැරියකට ලිංගික අතවර කර  ඇති පුද්ගලයකු
සොයා පොලිස් පරීක්ෂණ  ආරම්භ කර ඇතැයි බළන්ගොඩ පොලිසියේ   ළමා හා  කාන්තා අංශය කියයි.

අතවරයට ලක්වී ඇති වින්දිත දැරිය  රෝහලට 17දා ඇතුළත්  කර ඇතැයි පොලිසිය පවසයි.
ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක පදිංචි වයස අවු: 15 1/2ක දැරියක මෙලෙස
රෝහල් ගතකර  තිබේ.
 


නාඳුනන දුරකථනයක අංකයකින් තරුණයකුගෙන්  ලැබුණු   ඇමතුමක්  හරහා   එම බාලවයස්කාර දැරිය දින
කිහිපයක සිට  ඔහු  සමඟ ප්‍රේම සම්බන්ධතාවක්  ඇති කරගෙන තිබෙන  අතර  ඔහුද ඇයට වෙනත්
 නමකින්  පෙනී සිට තිබේ. ඔහු විසින් තමන්ව බළන්ගොඩ  නගරයේ  ප්‍රධාන බස් නැවතුම්පොළෙහිදී සහ
 බළන්ගොඩ  පින්නවල බස්  රථයකින් රැගෙන ගොස් පින්නවල සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී රාත්‍රියේ ලිංගික
අතවර කළ බවට ඇය විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත.

වෙනත් නමකින් පෙනී සිට දැරියට අතවර  කළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා බළන්ගොඩ
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.ආර්.කේ.බී. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි
ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ආර්.පී. රාජපක්ෂ මහත්මිය,
මෙලානි (6304), නිලුකා (3408), ලලනි (6052) යන නිලධාරිනියන්  විසින්  පරීක්ෂණ ආරම්භ කර  තිබේ.

බළන්ගොඩ - නලින්ද වලේබොඩ