පසුගිය මහමැතිවරණ සමයේ ප්‍රකටවූ ‘අස්ප බූරු‘ කතාවේ පාර්ශ්ව කරුවන් වූ මැතිවරණ අපේක්ෂිකා ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඊයේ පැවති සාකච්ඡාවකදී නැවත මුණ ගැසුණි.
මෙකී අස්ප බූරු කතාවට මුල්වූයේ බදුල්ලෙන් පොහොට්ටුවේ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වූ ඕෂධී හේවාමද්දුම සිය මැතිවරණ වේදිකාවේදී කටමැත දොඩමින් මෙවර අපේ පක්ෂයේ තරග කරන්න අස්පයොත් දාලා ඉන්නවා බූරුවොත් දාල ඉන්නවා ජනතාව දැනගන්න ඕන නියම අස්පයින් තොරගන්න යනුවෙන් කියූ කතාවකි.
මෙම කතාව තම පක්ෂයේ අපේක්ෂකයින් හෑල්ලුවට ලක්කරන්නක් නිසා එවක මැතිවරණයේ ප්‍රධාන සංවිධාන කටයුතු කළ බැසිල් රාජපක්ෂගේ නොමනාපයට හේතුවූ අතර ඔහු ඉන් පසුව පැවති රැස්වීමකදී මේ ගැන මතක් කර කියා සිටියේ ඒ කියන අපේක්ෂිකාව මගේ ෆේස් බුක් එකේ මේ කතාව ෂෙයාර් කරල තිබ්බා. මං එයාට උත්තරයක් ලිව්වා කවුද ඔයා වගේ බූරුවොන්ට අපේ පක්ෂයෙන් නොමිනේෂන් දුන්නෙ කියලා.
යනුවෙනි.
මෙම උත්තරය නිසා ඕෂධී කෙරෙහි පාක්ෂිකයින්ගේ අප්‍රසාදය මතුවූ අතර මහමැතිවරණයේදී ඇය පක්ෂයේ අන්තිමයා බවට පත්වෙමින් පරාජය වූවාය.
අනතුරුව මාස ගනනාවක් යනතුරු මාධ්‍යයෙන්ද සැඟවී සිටි ඖෂධී නැවත ඉඳහිට ඉදිරියට ආ අවස්ථාවල දන්වා සිටියේ තමන්ගේ පරාජය සමග හැරනොගිය එකම තැනැත්තා තම සැමියා පමණක් බවයි.
මේ අතර ඊයේ සවස ජනපති කාර්යාල සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන්ගේ හමුවට බැසිල් රාජපක්ෂ මෙන්ම ඕෂධී ද එක්ව තිබුණ අතර පොදුවේ සමාජයටත් ඒ ඒ පළාත් වලටත් අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන ලදි.
0 Comments