palitha rajapaksa passara

පස්සරදී ප්‍රපාතයකට පෙරළී ජීවිත රැසක් අහිමි කළ බස් රථයේ අය බේරාගැනීමට යුහුසුළුවී කටයුතු කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ෆේස් බුක් ඔස්සේ තැබූ සටහන් දෙකක් විශේෂ අවධානයට යොමුව තිබේ.
ඉක්මණින්  හදිසි ප්‍රතිකාර ඒකකයට ගොස් අවශ්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය සුදානම් කරගන්නට වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණි.

හෘදයාබාධ දෙකක් වැළඳී තිබෙන ඔහු බරපතල බෑවුමට පිවිස රෝගීන් බේරාගැනීමට කැපවී ක්‍රියාකිරීම අගය කළ යුතු කාර්යයකි.
 ප්‍රපාතයෙන් ඉහළ තිබූ ගලක් කඩා වැටී උදව් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුගේ පාදකයට හානි වී තිබූ බවද මෙහිදී සිහිපත් කළ යුතුය.
වෛද්‍යවරයා තවත් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ “අපි එන්න ප්‍රමාද උනේ නැහැ .. එත් නුබල යන්න ඉක්මන් උනා... අපි උත්සාහ කලා බොහොමයක්… නුබල උත්සාහයඅත් හැරියා මිනිසුනේ..” යනුවෙනි.
ඔහු තැබූ සටහන් මෙසේය.

palitha-rajapaksa-passara



accident-passara