pannala-gnanaloka-thera-mystery-death

කවි බණ දේශනා කිරීම නිසා ප්‍රකටවී තිබෙන පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ ඊයේ (08) දින දහවල් අපවත් වී තිබෙන අතර උන් වහනසේගේ හදිසි අපවත්වීම ගැන  මේ වනවිට කතාබහක් නිර්මාණයවී ඇත. උන්වහන්සේ රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් අපවත් වී සිටි බව රෝහල වාර්තා කර තිබුණි.
කාව්‍ය විශාරද, ශාස්ත්‍රපති, කොළඹ – සේදවත්ත නවලෝක විහාරාධිපති  පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ ජනප්‍රිය ධර්ම දේශක හිමි නමක්වූ අතර මාධ්‍ය තුළද විශාල ප්‍රසිද්ධියක් දැරූ කෙනෙකි.


හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කර තිබෙන බවද වාර්තා විය.
උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බවද පවසා ඇති රතන හිමියන් කොරෝනා පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තාවලින් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද සඳහන් කර තිබේ.
ඥාණාලෝක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද දන්වා සිටියේ  පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා මර්දන එන්නත එන්නත් කිරීමෙන් සිදුවූ අසාත්මිකතාව හේතුවෙන් බවකි.
මේ ගැන පරීක්ෂණ සිදුවන අතර තවම අවසන් නිගමනයකට පැමිණ නැත.
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු මින් ඉහත දෙදෙනෙකු මියගිය බවට සෞඛ්‍ය අංශ තහවුරු කළ මුත් එම මරණ වලට හේතුව එන්නතම බව දන්වා තිබුනේ නැත.