pannipitiya-accident-police

ඊයේ පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ආන්දෝලනයට තුඩු දුන්නේය.
පහරකන රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කරන අතර ඔහු ආසන්නයෙන්ම රාජකාරී කරන කොස්තාපල්වරයා තමන්ට ආ කේන්තිය නීතිය සමග පටලවාගෙන රියදුරාට එතැනදීම දඩුවම් කරන්නට යන ආකාරය වීඩියෝවේ දැක්විණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ,

රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවයි.
ඇක්සිඩන්ට් කළාම කේන්තියට ගමේ අය වටකර රියදුරුට ගහන ආකාරයට වෘත්තීය පොලිස් නිලධාරියෙකුට හැසිරිය නොහැකි බව ඔහු පෙන්වාදෙයි.
ඔහු රෙස්ලිං ක්‍රීඩාකර ඇතැයි දන්නේ නැති නමුත් ඔහු ක්‍රීඩකයෙකු ලෙස සිටි අයෙකු බව හඳුනා ඇති බවද අජිත් රෝහණ මහතා දන්වා සිටියේය.
මෙවැනි අවස්ථාවක සිවිල් වැසියෙකුට තම ආත්ම ආරක්ෂාව තකා ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පවතින බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමේදී ලබාදුන් පිළිතුරු පහත වීඩියෝවේ පරිදිය.