passara-accident-updates

අද උදෑසන පස්සරින් වාර්තාවූ ශෝකජනක අනතුරට හේතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියට මෙම අනතුරට හේතුවූ මාර්ග ප්‍රතිසංස්කරණය ගැන තොරතුරු වාර්තාවී ඇත.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණ මෙම බස්රථය පස්සර 13 කණුවේදී මාර්ගයෙන් වම්පස බෑවුමට ලිස්සා පෙරලීයාමෙන් ජීවිත ගණනාවක් අහිමි විය. සවස 3 වන විට මරණ ගණන 15 ක්වූ අතර බරපතල තත්වයේ පසුවන කිහිප දෙනෙකුද සිටි බව රෝහල් ආරංචි හෙළි කර ඇත.


මෙම අනතුර සිදුවන්නේ කඳු වංගු සහිත මාර්ගයේ වාහන දෙකක් ගමන් කිරීමට හැකියාව තිබෙන ඉඩක වන නමුත් මේ දිනවල ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා පාර පටුවීමෙන් එකකට ඉඩ ලබාදී අනෙක් වාහනය මාරුවිය යුතු ස්ථානයකදී වීම අනතුරට මුල්වූ හේතුවකි.
සිද්ධිය වූ ස්ථානයේ ගලක කොටසක් පාරට වැටී තිබෙන අතර එය ඉවත් කිරීමට සූදානමින් ඒ වටා සංඥා සලකුණුද සටහන් කර පාරේ කොටසක් වෙන් කර තිබුණි. මේ නිසා පාරේ වාහන දෙකක් එකවර දෙපසට ගමන් කිරීම අමාරු ලෙස පටුවී තිබුණි.
වෙනදා බස් රථය ධාවනය කරන පාරේ එම පුරුද්දට වේගයෙන් වංගුවක් ගෙන බස් රථය ඉදිරියට එද්දී තමා ඉදිරියට එන ටිපර් රථය දුටුවත් වේගය බාල නොකරන්නට බස් රථ රියදුරු කටයුතු නොකිරීම වරදක් වන අතර ටිපරය නවතාගෙන සිටියත් ආපු වේගයට ටිපරයේ හැපෙන එක වළක්වා පාරේ වම්පස අයිනට බසය හරවන්නට රියදුරු කටයුතු කරයි. වම්පස බෑවුමට බසය පෙරළී යන්නේ එම අවස්ථාවේදීය.සිද්ධියෙන් මියගිය අය අතර රියදුරුද සිටින බව පැවසිණි.

සිද්ධිය සම්බන්ධ සීසීටීවී දර්ශනයෙන් මෙම සිදුවීම වඩාත් පැහැදිලි වේ.