එක්සත් ජනපදයේ Pfizer Inc. සමාගම සහ ජර්මනියේ BioNTech යන සමාගම් එක්ව නිපද වූ COVID-19 මර්දන එන්නත තරබාරු පුද්ගලයන් කෙරෙහි දක්වන සාර්ථකත්වය සාපේක්ෂව අඩු බව අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කෙරේ තිබේ.ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් එරට තුළ මෙම එන්නත මෙතක් ලබාදුන් සෞඛ්‍ය සේවකයන් අතර සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කරමින් මේ බව පවසා ඇත.
ඒ අනුව තරබාරු බවක් සහිත සෞඛ්‍ය සේවකයන් තුළ නිපදවෙන ප්‍රතිශක්තිකරණය අනෙක් සාමාන්‍ය සිරුරක් හිත සොඛ්‍ය සේවකයන් හා සාපේක්ෂව අඩු බව මෙහිදී හඳුනාගෙන ඇත."Pfizer එන්නත් දෙවැනි මාත්‍රාවක් ලබාගැනීමෙන් අනතුරුවත් මෙම තරබාරු සෞඛ්‍ය සේවකයන් අතර නිපදවුණු ප්‍රතිදේහ ප්‍රමාණය සෞඛ්‍ය සම්පන්න පිරිස හා සාපේක්ෂව හරි අඩක ප්‍රමාණයක් ගත්තා.යනුව පර්යේෂකයන් පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතුව පවතින බවත්, දැනට ලොව වඩාත් ජනප්‍රිය මෙම Pfizer එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉක්මන් නොවිය යුතු බවත් මෙම පර්යේෂකයන් පිරිස සඳහන් කරයි. කෙසේ වෙතත් මෙවැනි තරබාරු පිරිස් වෙත එන්නතේ වඩා වේගවත් මාත්‍රාවක් ලබාදීම වැදගත්වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
0 Comments