කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ (28) අලුයම නවතා තිබු තෙල් බවුසරයක පිටු යතුරුපැදියක් ගැටීමෙන් පදවාගෙන පැමිණි තිස්හය හැදී විවාහක පොලිස් පරීක්ෂකවරකු බරපතළ තුවාල ලබා මිය ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසීයේ රථවාහන අංශය කියයි. එසේ මියගොස් ඇත්තේ නුගදෙණිය ලෝලුවාගොඩ පදිංචිව සිටි එක් දරු පියකු වන එච්. සුජිත් ප්‍රසන්න (36) නමැති පොලිස් පරීක්ෂකවරයෙකි.
මිය ගොස් ඇති පොලිස් පරීක්ෂකවරයා ගහ කොට්ඨාස රථ වාහන අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටි අයකු බවත් මොහු සේවය නිමා කොට ඊයේ (28) අලුයම 02ට පමණ සිය පෞද්ගලික යතුරුපැදියෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට යමින් සිටිය දී කළගෙඩිහේන නගරාසන්නයේ දී ඉදිරියෙන් නවතා තිබූ තෙල් බවුසරයක පිටුපස ගැටී අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරික්ෂණවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා මාර්ගයේ ගමන් ගත් වෙනත් වාහනයකින් වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතර මගදී මිය ගොස් ඇති බවද පරික්ෂණවළ දී හෙළිවී තිබේ. නවතා තැබීමේ පහන් ක්‍රියාත්මක නොකර තෙල් බවුසරය නවතා තිබිය දී යතුරු පැදිය එහි පිටුපස හැපී අනතුර සිදුවී ඇති බවද පරික්ෂණවල දී හෙළිවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දැඩි වර්ෂාව තිබී ඇති බවට පොලීසිය සැක කරයි. නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය මගින් තෙල් බවුසරයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ මෙහෙයවීම යටතේ එහි රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකයන් මදුරප්පෙරුම, උප පොලිස් පරික්ෂක මංජුල හා පොලිස් සැරයන් විජයරත්න (58623) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)
0 Comments