pregnent-woman-vaccine

COVID-19 වසංගය මර්දනය සඳහා ලබාදෙන එන්නත ගැබිනි මව්වරුන්ටද ලබාදීම හරහා එම මව්වරුන්ගේ කුස තුළ සිටින දරුවන්ට ආරක්ෂාවක් ලැබෙන බව ඊශ්‍රායල පර්යේෂකයන් පිරිසක් සිදුකළ අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කර සිටියි. පසුගිය පෙබරවාරි මාසයේදී මෙම අධ්‍යයනය සිදුකර තිබේ. 

මෙහිදී හඳුනාගත් ගැබිනි මව්වරුන් 20 දෙනෙකු වෙත Pfizer-BioNTech එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබේ. ඒ අනුව ඔවුන් තුළ මෙම වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවී තිබූ බවට අනාවරණය වී ඇතැයි පර්යේෂකයන් පවසා සිටියි. මෙම ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර පිහිටි හදාෂාන් විශ්වවිද්‍යාලය මගින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. “මෙම අධ්‍යයනය හරහා ගැබිනි මව්වරුන්ට වගේම ඇගේ කුස තුළ සිටින නූපන් බිළිදාටත් ආරක්ෂාවක් ලැබෙන බව පැහැදිලි වුණා" යනුවෙන් පර්යේෂකයන් සදහන් කර තිබේ.කෙසේ වෙතත් මෙය ඉතාමත් සුළු පරිමාණ අධ්‍යයනයක් බවත්, මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගැනීමට නම් මීට වඩා විශාල අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇති බවත් ඔවුන් පවසයි. එහිදී මව්රුන්ගේ ගැබිණි අවධීන් කිහිපයකදී මෙම එන්නත ලබාදී ඒ හරහා එල්ල වන බලපෑම පිළිබඳව අධ්‍යයනය කළ යුතුව ඇති බවත්, දැනට ලොව පවතින එකිනෙකට වෙනස් එන්නත් යොදා ගනිමින් ඒවායින් ගැබිනි මව්වරුන්ට ලැබෙන ආරක්ෂාව සහ බලපෑම පිළිබදවත් අධ්‍යයනය කළ යුතුව ඇති බවත් ඔවුන් අවධාරණය කර සිටියි.