COVID-19 මර්දනය සඳහා රුසියාව මගින් නිපදවුණු Sputnikvඑන්නත සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයන් මගින් එල්ල කරන විවේචන හෙළා දකින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ඒ අනුව මෙම සතිය තුළදී තමන්ද මම එන්නත විදගෙන මෙම එන්නතේ සාර්ථකත්වය ඔප්පු කරන බව ජනපතිවරයා පවසා තිබේ.රුසියානු රජයේ අනුග්‍රහයෙන් එරට ගැමෙලියා ඉන්ස්ටියුට් මගින් මෙම Sputnikv නිපදවීම සිදුවිය. කෙසේ වෙනත් බටහිර රාජ්‍යයන් රැසක් මෙම එන්නත පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, එම එන්නත රුසියාව විසින් සිය ප්රචාරක ආයුධයක් බවට පත්කරගෙන ඇති බවටත් චෝදනා කරයි.
ඒ අනුව මෙම එන්නත යුරෝපය ඇතුළු බටහිර රටවල් තුළ භාවිතයට ගැනීම සඳහා අවසරය ලබාදීම මේ දක්වා ප්‍රමාදවී තිබේ. එම එන්නතේ සුරක්ෂිතතාව සහ බලපෑම්සහගත බව පිළිබඳව බටහිර වෙත තවදුරටත් ගැටලු පවතී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනපති පුටින්, බටහිර රටවල් සිදුකරන මෙම කල්මැරීම එරට ජීවිත අවදානමට පත්කිරීමක් බව. පවසා තිබේ.
"අපි කිසිම දෙයක් කාටවත් බලෙන් දෙන්නේ නැහැ. හැබැයි මේ වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්න කැමති පිරිස් වෙත ඖෂධ සමාගම් වෙත අපි මේ දේ ලබා දෙනවා." ඔහු සඳහන් කර තිබේ එසේම තමන් අඟහරුවාදා දිනයේදී (ඊයේ) මම එන්නත ලබාගන්නා බවටද පුටින් මෙහිදී පවසා ඇත. “එන්නත්කරණය කියන්නේ සෑම පුද්ගලයෙකුට ස්වෙච්ඡාවෙන් ගත යුතු තීරණයක්. කොහොම වුණත් මම හෙට මේ එන්නත ලබා ගන්නවා.” ඔහු සඳහන් කර ඇත.
0 Comments