2020 වසරේ විකාශනය වූ ටෙලි නිර්මාණ ඇගයීම සඳහා වන රයිගම් ටෙලීස් 2020 එනම් 17 වැනි රයිගම් ටෙලීස් උළෙල, එළඹෙන ජුලි මස 03 වන දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය නිවේදනය කරයි.


මෙම උළෙලට පූර්වගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2021 ජුනි මස 4 වැනි දින කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වේ.

මෙවර විනිශ්චය සඳහා විවිධ අංශ නියෝජනය වන පරිදි දස දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා මෙම උළෙලේත් වෙනත් සම්මාන උළෙලවලත් විනිශ්චය අත්දැකීම් ලැබුවන් වේ. විශ්ලේෂණය කිරීම උදෙසා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ නොවන නියෝජනයක්ද ජූරී සභාවට ඇතුලත් වේ. විනිශ්චය මණ්ඩල ප‍්‍රධානත්වය දරන්නේ  බුද්ධදාස ගලප්පත්ති මහතාය. සෙසු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් වන්නේ මහාචාර්ය ආරියරත්න කලූආරච්චි, රවින්ද්‍ර ගුරුගේ,  ජයනාත් ගුණවර්ධන,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ගුණසිරි සිල්වා, රංග දසනායක හා අරුණ ගුණරත්න, මහාචාර්ය අජන්තා හපුආරච්චි යන මහත්ම මහත්මීන්ය. දමිළ මාධ්‍යය සම්බන්ධ විශේෂ උපදේශක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී අබ්දුල් හමීඞ් මහතා කටයුතු කරයි.


උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ දැන් භාරගැනේ. අප්‍රේල් 10 අවසන් දිනයයි.
ඉදිරිපත් කරන නිර්මාණ  0707 061 508 හෝ 0707 061 602 අංක දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.