
අද 23 අලුයම රාජගිරියේ ගුවන් පාලම අසල වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ පොලිස් මුරපොලේ සිදුව ඇති රිය අනතුරකින් පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මිය ගිය අනෙක් තැනැත්තා ලොරි රථ සහායකයෙකි.
කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරතවී තිබෙන අතර මෙම අනතුර සිදුව ඇත.
ඔවුන් මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථය වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් ධාවනය කර තිබෙන බව වාර්තා විය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval