රාජිත සේනාරත්න හා චතුර සේනාරත්න දේශපාලනඥයින් සමග හිතවත් බවට මේ වනවිට තොරතුරු හෙළිව තිබෙන මාධ්‍යවේදියෙකු මීට දින කිහිපයකට පෙර පොලිසියට පැමිණිලි කර තිබුනේ පසුගිය මාර්තු මස 10 වෙනිදා මීරිගම ප්‍රදේශයේ දී තමන් පැහැර ගෙන ගොස් වධහිංසා පැමිනෙවු බවටය.
පසුව දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමා ගිය බවටත් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.පසුගිය 10 වෙනිදා පෙරවරු 10.00 ට පමණ මීරිගම දුම්රිය ස්ථානය අසලදී සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන දත්ත ඇතුලත් මෙමරි චිප් පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් පසුව යම් කිසි ද්‍රව්‍යයකින් දෑත් පිලිස්සුබව පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
62 හැවිරිදි සුජීව ගමගේ නමැති ඔහු මීරිගම පදිංචි කරුවෙකු වූ අතර සියරට නමැති වෙබ් අඩවියේ හා මහිම නමැති පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටි බව පවසා තිබුණි.
එම පැමිණිල්ල අනුව පොලිසිය වැඩිදුර විමර්ශන කිරීමේදී හෙළිව ඇත්තේ ඔහු පොලිසිය නොමග යවමින් ප්‍රබන්ධ කතාවක් ගොතා ඇති බවටයි.එහිදී CCTV කැමරා උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශනයේදී
පැහැරගෙන යෑමකට ලක්වූ බව කියන මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට පැමිණි දුම්රියකින් දහවල් 1.00 ට පමණ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලින් බැස තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගේ කාර්යාලයට යන අයුරු හඳුනාගෙන ඇත.
එම කාර්යාලයේ පැය 03 කට ආසන්න කාලයක් ගත කර ඇති මෙම මාධ්‍යවේදියා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව දින 06ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විමර්ශන වලින් හෙළිව ඇත.
මෙම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබු ආකාරයට පැහරගෙන ගිය කණ්ඩායම ඔහුගේ දෑත් කිසියම් ද්‍රව්‍යකින් පිලිස්සු බවට වන ප්‍රකාශය ද අසත්‍ය බවට හෙළිව ඇත.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ ඔහු විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන තිබෙන බවට හෙළිවූ බවයි.
අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
0 Comments