ranjan-prison-selfie

බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී ඔහු සමග ගත් සෙල්ෆි ජායා රූපයක් ප්‍රසිද්ධ කර තිබේ.
හර්ෂණගේ ෆේස් බුක් ගිණුමේ මෙසේ දැක්වේ.



“අද දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යන්නට මා හට අවස්ථාවක් ලැබුණි. එම අවස්ථාවේදී මේ වන විට ඔහු ගත කරමින් සිටින බන්ධනාගාර ජීවිතය පිළිබඳව යමක් වටහාගන්නට මා හට හැකි විය......................... මේ විට ඔහුට ජීවිත අවදානමක් පවා ඇති බව මට පමණක් නොව සාධාරණව සිතන පතන ඔබ කාටත් වැටහෙන කරුණකි කෙසේ වෙතත් හිතවත් දේශපාලන සඟයානනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් එපිටත් ඔබ වෙනුවෙන් හඩක් නගන්නට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත“


බන්ධනාගාරගත කල පුද්ගලයෙකු සමග මෙලෙස ජායා රූපයකට පෙනී සිට එය සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් මේ ගැන විමර්ශනයක් අරඹා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.