rasheed-jahul-arrested

 මහත් ආන්දෝලනයට ලක්වූ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ ඥාතියෙකු බවට අනාවරණය වූ ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජූල් ශ්‍රී ලංකාව තුළ වහබ් ජිහාඩ්වාදය පැතිරීමේ චෝදනා යටතේ අද දින දෙමටගොඩ ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට පත්විය.

60 හැවිරිදි ඔහු මාවනැල්ල මුරුතවෙල පදිංචිකරුවෙකි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජූල් අක්බාර් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙයි.

එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද අල්-හසානා සඟරාවේ ලිපි පළ කරමින් වහාබ් සහ ජිහාඩ් අන්තවාදී ආගමික මතවාද පැතිරවීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.