rathmalana-student-found

රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූ 16 හැවිරිදි පාසල් සිසුවා කිසිවක් සිදු නොවූ ගාණට නැවත නිවසට පැමිණ ඇතැයි වාර්තාවේ.
 එම සිසුවාගේ මව ප්‍රකාශ කර ඇත්තේ සෙනසුරාදා රාත්‍රී 10ට පමණ ඔහු නිවසට පැමිණි බවයි.

තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බව පමණක් සිදුවා කියා ඇත.
නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති බවද කියා ඇත.

ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා සොයා පොලිස් කණ්ඩායම් 4ක් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබුණි.
මෙම සිසුවාගේ පියා විදෙස්ගතව සිටින බව පැවසුණ අතර සිසුවාගේ මව ටෙලි නාට්‍ය නළු සේනක විජේසිංහගේ නැගණිය බවද පැවසුණි. සිසුවා අතුරුදන්වූ අවස්ථාවේ සේනකද ඔහු සොයාදෙන ලෙස මාධ්‍ය හරහා විශේෂ ඉල්ලීමක් කර තිබුණි.