rathmalana-student-missing

බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක සිසුවෙකු නිවසින් අතුරුදන්ව ඇතැයි ඊයේ ඔහුගේ මව පොලිසියට දන්වා සිටියාය.
රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා ඊයේ පෙරවරුවේ නිවසින් පිටව ගොස් මේ වනතුරුත් නිවසට පැමිණ නැති බව ඇය කියා සිටියාය.


දරුවාගේ පියා විදේශගතව සිටින බවත් මවගේ රැකවරණයේ දරුවා සිටි බවත් පැවසිණි.
එදින පාසල් ‍නොයන බව දන්වා තිබූ එම සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී පෙරවරු 6.30ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරු සී.සී.ටී.වී. දර්ශනයක දැක්වෙන බව පොලිසිය සිදු කළ පඍීක්ෂාවේදී හඳුනාගන්නා ලදි.
මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 3779850 දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ඊයේ දන්වා තිබුණි.
 සිසුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවසූ අතර තවම ඔහු ගැන හෝඩුවාවක් ලැබී නැත.