මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔෟෂධ ව්‍යාපාරිකයන් නියාමනය කරනවා වෙනුවට, ව්‍යාපාරිකයන්ගේ
වුවමනාව සඳහා පවතින නීතිය නියාමනය කිරීමට ඔෟෂධ නියාමන අධිකාරිය උත්සාහ දරමින් සිටින බවක්
පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඔෟෂධ නියාමන අධිකාරියේ පුටු පෙරළිය, ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත වෙනුවට චීන ප්‍රතිශක්තිකරණ
එන්නත මෙරටට ගෙන්වීම සඳහා ඇති ව්‍යාපාරික අවශ්‍යතාවක් නිසා සිදුවන්නක්ද යන්න සෞඛ්‍ය
වෘත්තීයවේදීන් ලෙසත්, වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් තමන් විමසිල්ලෙන් පසුවන බවද හෙතෙම
අවධාරණ කරයි.
හදිසියේ ලියාපදිංචිය දීමට උත්සාහ දරමින් සිටින චීන එන්නත, තුන්වැනි අදියරේ පරීක්ෂණ නොකරන ලද හෝ
ඒ පිළිබද නිශ්චිත පරීක්ෂණ වාර්තා නොමැති එන්නතක් බව වාර්තා වන බවද හෙතෙම පවසයි.
ප්‍රතිශක්තිකරණ එන්නතක තුන්වැනි පරීක්ෂණ අවධිය යනු ආරක්ෂාව පිළිබඳවත්, එන්නතෙහි ක්‍රියාකාරීත්වය
පිළිබඳවත්, අතිශයින්ම වැදගත් තහවුරු කිරීම් සිදුවන අදියර බවද එම චීන එන්නත තුන්වැනි අදියරේ පරීක්ෂණ
දත්ත මෙතෙක් හෙළිදරව් වී නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත් කොවිඩ් පාලනය
සඳහා එන්නත් කිහිපයක් තිබීම වැදගත් වුවද, නිෂ්පාදනයේ මුලින්ම සිටින එන්නත් මඟහැර තුන්වැනි අදියරේ
පරීක්ෂණ පවා සිදු නොකරන ලද එන්නතක් සඳහා ලියාපදිංචිය ලබා දීමට මෙතරම් විශාල උනන්දුවක්
දක්වන්නෙ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැතැයිද හෙතෙම පවසයි.
තමන්ට වාර්තා වන අන්දමට මෙම එන්නතෙහි මිලද සිවු ගුණයකින් පමණ වැඩි විය හැකි බවට ගණනය කර
ඇති බවද පවසන හෙතෙම එන්නත සමඟ කටයුතු කරන දේශීය සමාගම පිළිබඳවද පැහැදිලි හෙළිදරව් කිරීමක්
සිදුවී නැතැයිද චෝදනා කරයි.
වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් එන්නත් මාෆියාවේ නව ෙදාරටුවක් විවර කර ගැනීම සඳහා
දේශපාලන බලයද උපයෝගි කරගනිමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇති බවද
හෙතෙම පවසයි. කොවිෂීල්ඩ් හරහා ඉන්දියානු එන්නතට ලැබී ඇති වටිනාකම මකා දමමින් එය චීනයට
ලබාදීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ අත පෙවීමක්ද මේ හරහා සිදුවිය හැකි බැවින්, චීන වැක්සීනය
ලහි ලහියේ ලියාපදිංචිය සඳහා දක්වන හදිසිය පිළිබඳව ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු කළ යුතු
බව හෙතෙම අවධාරණය කරයි.
සවනි ශේශාධි
0 Comments