රිය අනතුරකට ලක්ව වම් අත අහිමි වූ ඉඳුරුව ගුරුකන්ද මහා විදුහලේ සකුනි සංකල්පනා සිසුවිය සම්බන්ධයෙන් "මග මරුවාට වම් අත බිලි වූ සකුනිට අතක් දුන්නොත් පින්" යන සිරස්තලය යටතේ ලංකාදීප පුවත්පතේ පළවූ පුවතින් පසුව එම සිසුවියට සිතිවිලි අනුව සක්‍රීය වන රොබෝ අතක් ලබාදීමට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ සහ එංගලන්තයේ පදිංචි නීතීඥ බුද්ධිකා කඳුරුගමුව මහත්මිය ඇතුළු පිරිසක් පියවර ගත්ත. මේ පුවත පුවත් පතේ පළවීමත් සමගම එයට අවධානය යොමුකළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දායිකාවක වන නීතීඥ බුද්ධිකා මහත්මිය මේ සිසුවියට අතක් ලබාදීමේ උතුම් කාර්යය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී. හිමියන්ට පැවරුවාය.
ඒ අනුව ක්‍රියාත්මක වූ අස්සජී හිමියෝ මේ සම්බන්ධයෙන් කොළඹ නවලෝක රෝහලේ වෛද්‍ය පියල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය ලබාගෙන සකුනිට අතක් ලබාදීමේ මහගු පුණ්‍යකර්මයට අත ගැසූහ. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවේ සකුනි පාසල් ශිෂ්‍යයාවක නිසා ඉගෙනීමට දායක කර ගත හැකි සිතිවිලි අනුව ක්‍රියාත්මක වන රොබෝ අතක් ඇයට ලබා දීමට සිදුවීමත් සමගමය. අප රටේ එවැනි අත් නිෂ්පාදනය නොකිරීම මේ සත්කාර්යයේ දී ඔවුනට බලපෑ බලවත්ම ගැටලුවක් විය.
ජර්මන් තාක්ෂණය අනුව මෙවැනි අත් නිෂ්පාදනය කරනුයේ කොරියාවේය . සකුනිට අවශ්‍ය නම් අත ඇයට බද්ධ කළයුතු නම් අනිවාර්යයෙන්ම එය කොරියාවෙන් ඇණවුම් කළ යුතුව තිබිණි. එය ලොකු මුදලක් වැය වන වැඩකි. එසේ වුවත් නීතීඥ බුද්ධිකා කදුරුගමුව මහත්මිය හා කිරිදේ අස්සජි හිමියෝ සකුනිට අතක් ලබාදීමේ සත්කාය අත නොහැරියෝය..සියලුදෙනාම එකගතාවෙන් අවසානයේ දී තීරණය වූයේ මේ අත කොරියාවෙන් ආනයනය කිරීමටය. ඒ සඳහා මෙරට කෘතීම අත්පා නිෂ්පාදනය කරන ආයතනයක සේවය කරන වෛද්‍ය බුද්ධික ද සිල්වා මහතා ද විශාල පරිශ්‍රමයක් දැරිය.
නීතීඥ බුද්ධිකා කදුරුගමුව මහත්මියගේ රුපියල් ලක්ෂ පහමාරක ධන පරිත්‍යාගයෙන් සකුනිට අවශ්‍ය වම් අත කොරියාවෙන් මෙරට ආනයනය කෙරුණේ කිරින්දේ අස්සජි හිමියන්ගේ හා වෛද්‍යවරුන් වන පියල් වික්‍රමසිංහ හා බුද්ධික ද සිල්වා යන මහත්වරුන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසටය. කොරියාවෙන් ආනයනය කෙරුණු අත සකුනිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බද්ධ කිරීම සිදුකෙරුණු අතර මේ අවස්ථාවට වෛද්‍යවරුන් වන පියල් වික්‍රමසිංහ, බුද්ධික ද සිල්වා යන මහත්වරුන් හා සකුනිගේ මව, පියා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඉදුරුව මහා මාර්ගයේ තැඹිලි කපා ජීවත්වන සිය දෙමාපියන්ට සකුනි වෙනුවෙන් මෙවැනි අතක් ලබා ගැනීමට නොහැකිව තිබූ අවස්ථාවක ඒ පිළිබඳව පුවත පළ කළ පුවත් පතටත් ඒ අනුව ක්‍රියාත්මක වී විශාල මුදලක් වැය කර තමාට අතක් ලබාදීමට කටයුතු කළ එංගලන්තයේ වෙසෙන නීතිඥ බුද්ධිකා කදුරුගමුව මහත්මියට හා ඒ වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජී හිමියන්ට හා වෛද්‍යවරුන් වන පියල් වික්‍රමසිංහ, බුද්ධික ද සිල්වා යන මහත්වරුන්ට සිය ස්තූතිය පිරිනමන බවත් තමාගේ හීනය වූ ගුරුවරියක වීම යථාර්ථයක් බවට පත් කිරීමට අද සිටම කටයුතු කරන බවත් සකුනි සංකල්පනා ශිෂ්‍යව සතුටු කඳුළු වගුරවමින් කීවාය.
-එම් .සුසිල් ප්‍රියන්ත-
0 Comments