salt-health-advice

එක් පුද්ගලයකු සඳහා දිනකට නිර්දේශිත ලුණු ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩිපුර පරිභෝජනය කිරීම
ශ්‍රී ලංකාවේ ප්‍රබල සෞඛ්‍ය  ගැටලුවක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය
පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය  රේණුකා ජයතිස්ස මහත්මිය පැවැසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ කර ඇති ආකාරයට එක් පුද්ගලයකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය
වන්නේ ග්‍රෑම් 05ක් පමණයි. නමුත් අද වන විට ලංකාවේ එක පුද්ගලයකු ලුණු  ග්‍රෑම් 11 දක්වා
භාවිත කරනවා.

එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වඩා වැඩි බව
පැවසුවාය.

අධික ලුණු භාවිතය අධික රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවත්, ශ්‍රී ලංකාවේ තත්ත්වයද සැලකූ
විට ලුණු භාවිතය පිළිබඳව නිසි අවධානය යොමු කිරීම වැදගත් වන බව ඇය පැවැසුවාය.මෙරට සිදුවන
මරණවලින් සියයට 83ක් බෝනොවන රෝග නිසා සිදුවන බවත් එයින් සියයට 34ක් හෘදය හා රුධිරවාහිනී
සම්බන්ධ රෝග තත්ත්ව නිසා ඇතිවන බව අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) ඇති
වීමට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂණ වලින් තහවුරු වී ඇති බව බෝනොවන රෝග ඒකකය සඳහන් කරයි.

ඒක පුද්ගල පරිභෝජනය කරනු ලබන ලුණු භාවිතය අඩු කිරීම තුළින් වසරකට ලෝකයේ සිදුවන මරණ වලින්
මිලියන 2.5ක් අඩුකර ගත හැකි බව බෝනොවන රෝග ඒකකය වැඩිදුරටත් සඳහන්  කළේය.

හබරාදුව - අනුර ප්‍රියන්ත