samantha-vidyaratne-speaks

මේ රටට සෞභාග්‍යය උදාකරන්නට, වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට එදා බොහෝ සේ වෙහෙස මහන්සි වූ වියත් මගේ පිරිස අද මග දමා අපො.ස. සාමාන්‍ය පෙළවත් සමත් නැති උදවිය සමග ආණ්ඩුව කරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.  විනිසුරුවරුන් ඇතුළු වියතුන් පිරිසක් සකස් කළ පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාව පරික්ෂා කරන්නට කාදිනල්තුමා කියන විදිහට අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් නැති උදවිය ද ඇතුළත් මැති ඇමැතිවරුන් කණ්ඩායමක් පත් කිරීමෙන් "ඩෝසරයට එරෙහිව" යන මැයෙන් ඉකුත් දා අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසල පරිසර උද්‍යානයේදී පැවැති ජ.වි.පෙ. මගින් සංවිධානය කළ සමුළුවේ ප්‍රධාන දෙසුම පවත්වමින් මේ බව කී විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේ පැවැසුවේය.



"වර්තමාන පාලකයන්ගේ අනුදැනුම මත මේ වනවිට අපේ රටේ වැඩි පිරිසක් ඒ ගැන ඇස්කන් පියාගෙන ඉන්නවා. වනාන්තර විනාශය නිසා ඔක්සිජන් හිගවෙමින් යනවා. එහෙම වුණොත් අපේ රටේ උදවියටත් සල්ලි දීලා දැන් වතුර බොන්න සිද්ධ වෙලා තියෙනවා වගේ හුස්ම ගන්න ඔක්සිජනුත් සල්ලි දීලයි ගන්න වෙන්නේ. මෙහෙම වනාන්තර කපන්න ඉඩ දුනොත් එහෙම වෙන දවස වැඩි ඈතක නැහැ පාලකයන් මේ ඩෝසර් කරන්නෙ වෙන මොනවාවත් නොවෙයි. මේ වර්තමාන ජීවත්වෙන ඔබ අපගේ ජීවිතයි. උපදින්න ඉන්න අනාගත පරපුරේ ජිවිතයි.

රටේ නායකයන්ගේ පරම්පරාවලට ජීවත්වෙන්න ලෝකයේ රටවල් තියෙනවා. ඒ උදවියට සල්ලිවලට වතුර අරන් බොන්න අපහසුවක් නැහැ. ඒ අයට ඔක්සිජන් හිඟ වුණත් ඔක්සිජන් ටැංකියක් ගෙදර හයිකරගන්න එක බොහොම සුළු දෙයක්. හැබැයි ඔබට, අපට එහෙම පුළුවන්කමක් නැහැ.මේ වත්මන් පාලකයන් බලයට එන්නට පෙර සෞභාග්‍යයේ දැක්ම හැදුවා. ඒකෙ ලස්සනට ලිව්වා අනාගත ලෝකයේ පරමාදර්ශී රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බවට. මේ වර්තමාන ආණ්ඩුව හදන්න, ගොඩනගන්න සෑහෙන උදව් කරපු බලවේග ගොඩක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි වියත්මග. "ආචාර්ය අශෝක රංවල සහ පරිසරවේදී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන යන මහත්වරු ද එම සමුළුව ඇමතූහ.

 (අතුල බණ්ඩාර)