දඹුල්ල, සීගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් මිලදී ගෙන ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ සිදුකරන ලෙසත් මේ වනවිට ලබාදී ඇති ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගිය 05වැනිදා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී මෙම උපදෙස් දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, මෙය ඉතා බරපතළ ක්‍රියාවක් බවත් මේ පිළිබඳව දිසාපති/ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවත්ය.අඩු ආදායම්ලාභි ජනතාවට ලබාදීමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් කටයුතු කිරීම බරපතළ තත්වයක් බවත්, වහාම මේ පිළිබඳව සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙසත් පැවසු ලලිත් යු.ගමගේ මහතා, මධ්‍යම පළාතේ මම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.මහිදී අදහස් දැක්වූ මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරීමටද අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවය.මෙහිදී අදහස් දැක්වූ දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසා සිටියේ මූලික වශයෙන් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටු වනවාද කියලා අපට විශාල ගැටලුවක් තියනවා.පොඩි මිනිහට නඩු දානවා.
නමුත් මහා පරිමාණයෙන් සිගිරිය, දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් බැහැර කිරීම් සිදුවෙනවා.මේ පිළිබඳව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අවධානය යොමුවෙලා තියනවා පිටස්තර පුද්ගලයන්ට ඉඩම් ලබා නොදෙන බව අදාළ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නා. මහා පරීමාණයෙන් මේ සිදුවන ඉඩම් මංකොල්ලය වහා නවතා දැමිය යුතුයි. වනය රැකගැනීම වගේම ඉඩම් ආරක්ෂා කිරීම අපේ වගකිමක්."යනුවෙනි. කමිටුවේදී අදහස් දැක්වූ පාරිලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවේ, ඇතැම් නිලධාරින්ද හවුල්වී අඩු ආදායම් සහතික පෙන්වමින් සීගිරිය ප්‍රදේශයේ ඉඩම් මිලදී ගැනීමේ කූට ලේඛන සකස් කර ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විවිධ පුද්ගලයන් ඉඩම් මිලදී අරන් තිබෙන බවත්, මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.
0 Comments