sapugaskanda-oil-covid19

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ 75%ක් කොවිඩ් ආසාදිත වූ සේවකයන්ගෙන්
නිරෝධායන හෝටල් ගාස්තු අයකර ගන්නේ සේවක වෛද්‍යාධාර ක්‍රමයෙන් බව ඛනිජ තෙල් සේවක වෘත්තීය
සමිති ආරංචි මාර්ග හෙළි කරයි.



අදාළ සේවකයන් ගල්කිස්ස හෝටලයේ නිරෝධායනයට යොමුකර ඇති අතර එම සේවකයන් මේ හරහා විශාල
අසාධාරණයකට ලක්ව ඇති බවද දැනගන්නට ලැබේ.

තවද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආසාදිත සේවකයන්ගේ පවුල්වල අය නිරෝධායනයට යොමු කරන කිසිදු
වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් මෙසේ 75%ක සේවකයන් ප්‍රමාණයක් එකවර කොවිඩ්
ආසාදනයට ගොදුරුවීමට හේතුව පසුගිය කාලය තුළ මහ පහදු නැවතුම

( Major Shutdown) වෙනුවෙන් ඔවුන් දැවැන්ත වැඩකොටසක් කිරීමට අනුයුක්ත වීම තුළ බවත් අදාළ
වෘත්තීය සමිති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අනුරාධා හේරත්