
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ එක් නිර්දේශයක් වූයේ
මෙරට තුළ බුර්කාව තහනම් කිරීමය.
බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර අද කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමින් පැවසුවේය.
බුර්කාව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදායික ඇඳුමක් නොවූ බව මහජන ආරක්ෂාව පිළිබඳ
අමාත්‍යවරයා පෙන්වා දෙයි
මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහාවන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15)
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉනිපසු ලබන සතියේ සිට එම නියෝගය කියාත්මක කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval