saudi-new-rule-marriage

සෞදි අරාබියේ පිරිමි පුද්ගලයන්ට පාකිස්තානය, බංග්ලාදේශය, චැඩ් සහ මියන්මාරයේ කාන්තාවන් විවාහ කරගැනීම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  මක්කම පොලිස් අධ්‍යක්ෂ මේජර් ජනරාල් අසාද් අල් කුරේෂි උපුටා දක්වමින් ‘මැකා ඩේලි” පුවත් සේවය වාර්තා කර තිබිණි. 

පාකිස්තානයේ  'ඩෝන්' පුවත් වෙබ් අඩවිය ද සෞදි අරාබියේ පුවත් සේවා උපුටා දක්වමින් ඒ බව වාර්තා කර තිබිණි. නිල නොවන වාර්තාවලට අනුව පාකිස්තානය, බංග්ලාදේශය, චැඩ් සහ මියන්මාර කාන්තාවන් 500,000කට  ආසන්න පිරිසක් සෞදි අරාබියේ ජීවත් වන බව පැවසේ.


‘මැකා ඩේලි' පුවත් වෙබ් අඩවියට අනුව විදේශීය  කාන්තාවන් විවාහ කරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ට දැඩි සීමාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ. මෙම නව සීමාවලට අනුව විදේශීය කාන්තාවන් විවාහ කරගැනීමට බලාපොරොත්තු වන්නන් විවාහයට පෙර රජයේ අවසරය ලබාගත යුතු යැයි  'ඩෝන්' පුවත් වාර්තවේ දැක්වේ.   දික්කසාද වූ පුද්ගලයන්ට නැවත විවාහයක් සඳහා අයදුම් කළ හැක්කේ දික්කසාදයෙන් මාස හයකට පසුව බව ද පැවසේ.  විවාහ සඳහා අයදුම් කරන පුද්ගලයන් වයස අවුරුදු 25ට වැඩි විය යුතු බවත් විවාහය සඳහා අයදුම් කිරීමේ දී ඔවුන් ඒ සඳහා ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වේ.