රජයේ සියලුම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල
පෙරේරා නිකුත් කර ඇත.
එම චක්‍රලේඛය පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන
අධ්යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු, කොට්ඨාස භාර අධ්‍යාපන අධ්යක්ෂවරු, පරිවේණාධිපති
හිමිවරු සහ විදුහල්පතිවරු ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.
අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර ඇති එම විශේෂ චක්‍රලේඛයෙහි මෙසේ සඳහන් වෙයි.
2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු
ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළ
විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙදින ආරම්භ කෙරෙන
අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල්
පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන් කොට තිබේ.
සෞඛ්යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම අද
(26දා) සිට 2021/03/28 දක්වා දින 03ක් වෙන්කොට තිබේ. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත
කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල
ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත්
අවධාරණය කොට තිබේ.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ
සටහනක්ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය
යුතුවේ.
සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති
පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක්
වන සේ පන්ති පැවැත්විය යුතුය.
අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි
සේවයට වාර්තා කළ යුතු බැව් සඳහන්ය.
අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk)
පළකොට ඇති බවද එම චක්රලේඛයෙන් දැනුම්දී තිබේ.
ඒ අනුව සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ
2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19 වන දින සිදු
කෙරේ.
ජේ.ටී. ද සිල්වා
0 Comments