සීදුව රාත්‍රී සමාජශාලාවකට බීමතින් පැමිණ එහි රූමත් සේවිකාවකට නොමනා සුළු විසුළු කළ තරුණයන් තිදෙනකුගේ හිස්වලට මැහුම් දමන ලෙසට පහරදී බරපතළ තුවාල සිදුකළ එම සේවිකාව (තරුණිය) රුපියල් 10,000ක මුදල් ඇප සමග රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.එම්.ජී. චම්පික රාජපක්ෂ මහතා ඉකුත් (26) නියෝග කළේය. ඇප නියම වූ සැකකාරිය වූයේ සීදූව ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
මෙහි පැමිණිලිකරුවන් වන තරුණයන් තිදෙනා සමාජශාලාව තුළ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහි සේවය කළ රූමත් සේවිකාවකට ඔවුන් විසින් අයුතු යෝජනා ඉදිරිපත් කර ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ රූමත් සේවිකාව විසින් තරුණයන් තිදෙනාගේ හිස්වලට මැහුම් දමන පරිදි පහර දී ඇති අතර එම සිද්ධිය පිළිබඳව ඇය සීදුව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය කීය.
පහරදීමේදී තරුණයකුගේ පවුම් 5ක රන් මාලයක් ද නැති වූ බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇති බව අධිකරණය හමුවේදී හෙළිදරව් විය. නඩු විභාගයේදී සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ප්රීමාල් අරමසිංහ සහ නාලක ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙහි සැකකාර තරුණියට පැමිණිලිකාර තරුණයන් විසින් කළ අසැබි යෝජනා මෙම සිද්ධියට මුල් වූ බවය. පැමිණිල්ල මෙහෙයවූ සැරයන් හරිස්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සැකකාරියට ඇප නියම කර වැඩිදුර විභාගය මැයි මස 6 වැනිදා දක්වා කල් තැබීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ප්රීමාල් අමරසිංහ සහ නාලක ප්‍රනාන්දු යන නීතිඥවරුන් පෙනී සිටියහ.
-ඩබ්ලිව්. කිර්ති-
0 Comments