කුරුවිට තරුණිය ඝාතනය කර ගෙල කපා ඇගේ සිරුර බෑගයක අසුරා වේල්ලවීදියට ගෙන ගොස් දමා උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි හිස සහිත බෑගය රැගෙන ආ බවට සැක කළත්
මේ දක්වා තරුණියගේ හිස සොයා ගැනීමට හැකිවී නැත. අතුරුදන්ව ඇති බව පැවසෙන ගමන්මල්ල සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු හෙලිවී නැත.
ඔහු කරේ දමා ගිය මල්ල නොව කුඩා මල්ලක් නිවසට ගෙනා බව පමණක් බිරිය පවසා තිබුණි.
සැකකාරගමන්මල්ල නිවස අසළ ළිදට දමා ඇත්දැයි මතුවූ සැකය මත ළිදේ ජලය ඉවත්කර එය පරික්ෂාවට ලක් කිරීම ඊයේ සිදුවු නමුත් හිස හමුවූයේ නැත.
අධිතාක්ෂණික කැමරා ළිඳ තුළට යොමුකර එහි හිස ඇත්දැයි සෙවීමේ මෙහෙයුම අතරතුර
කානු ඉදිකිරීම සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගල් කැබලි කිහිපයක් ළිඳ තුළ තිබී සොයා ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ ඒවා එතරම් පැරණි නොවන කොන්ක්‍රීට් ගල් බවය.
පසුව පොලීසිය සැලසුම් කළ පරිදි ළිඳ ඉසීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ
නමුත් එම සෝදිසි මෙහෙයුමේදී ද කාන්තාවගේ හිස හමු නොවූ බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම නිවසට යාබද ලඳු කැළැවද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමුවී නැති නමුත් එම නිවස ආසන්න ප්‍රදේශයේ දී ගිනි තබා විනාශ කර තිබූ කමිසයක කොටස් සොයා ගත් බව බඩල්කුඹුර පොලිසිය සදහන් කර තිබේ.
එම කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර මෙම කමිසය ඝාතනය සිදුකළ උප පොලිස් පරික්ෂකවරයා නිවසට පැමිණෙන විට ඇද සිටි කමිසය බවට සැක කෙරෙයි.
ඔහු ඒවා ගිනිතබන්නට ඇත්තේ සාක්ෂි විනාශ කරන්නටය.
මියගිය තරුණිය සහ උප පොලිස්පරික්ෂකවරයා ලැගුම් ගෙන සිටි හංවැල්ලේ හෝටලය කැළණිගගට ආසන්නයෙන් පිහිටා තිබීම හේතුවෙන් තරුණියගේ හිස ඇයගේ ගමන්මල්ලට දමා ගගට විසි කරන්නට ඇතැයි ද සැකයක් මතුවී තිබුණ අතර ඒ අනුව නාවික හමුදාවේ කිමිදුම් කරුවන් යොදා පරික්ෂා කිරීම් සිදු කෙරුණද එවැනි කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි.
මේ අතර මියගිය තරුණියගේ මවගෙන් හා ඥාති සොයුරාගෙන් ලබා ගත් ඩී එන් ඒ සාම්පල සැසදීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කර තිබේ. තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගත් උප පොලිස් පරික්ෂකවරායගේ සිරුර සම්බන්ධයෙන් පීසීආර් පරික්ෂණයක් ද සිදු කෙරිණි.
0 Comments