sigiriya-incident

දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් පසුගියදා (13දා) පස්වරුවේ ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. පසුගියදා රජයේ ඉඩම් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කරගෙන ඒවා  පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බවට ජනමාධ්‍ය මගින් දිගින් දිගටම හෙළිදරව් කළ අතර, එම අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට වන සංරක්ෂණ නිලධාරින්ට, පොලීසියට, වනජීවී නිලධාරින්ට තොරතුරු ලබාදීම සිදුකළ බවට චෝදනා කරමින් තමන්ට ප්‍රදේශයේ රජයේ ඉඩම් අල්ලාගෙන සිටින පුද්ගලයෙකු පහරදී තියුණු අවියකින් පහර දීමට ගිය බව පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර තිබේ.තොරතුරු ලබාදුන් කන්චනට කියා ඕනෑම දෙයක් කරපන් යයි තර්ජනය කරමින් තමා ඝාතනය කරන බවට ඔහු තර්ජනය කළේ යැයිද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දිසානායක මහතා අප සමඟ පැවසීය.තමන් වනජීවී නිලධාරින්ට සහ මාධ්‍යට සම්පුර්ණ සත්‍ය කතාවක් ඉහළිදරව් කළ බවත් මේ වන විටත් රජයේ ඉඩම් අත්පත් කරගෙන විවිධ කණ්ඩායම් සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය වැවල වැව ප‍්‍රදේශයට මේ සිද්ධිය සොයා බැලීමට ඊයේ(15) ගියෙමු.එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ දිසානායක මහතාගේ දියණිය වන රේණුකා නිරෝෂණී කියා සිටියේ තමන්ගේ පියා වගා බිමේ සිට නිවසට එන අතරතුරදී මෙම කණ්ඩායම පියාට පහර දී තිබෙන බවයි.



නිලධාරීන්ට තොරතුරු ලබා දුන්බවට චෝදනා කරමින් මෙම පහරදීම දිගින් දිගට සිදුකරන බවද ඇය සඳහන් කළාය. දිසානායක මහතාගේ බිරිඳ බී.එම්. කරුණාවති මහත්මිය කියා සිටියේ මෙම මැර ප්‍රහාර සම්බන්ධයෙන්. වහාම සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.මෙම මැර ප්‍රහාරය එල්ල කළ මහින්ද නමැති පුද්ගලයා සොයා පොලිසිය ප්‍රදේශයට පැමිණ සිටිති. පසුව මෙහි සත්‍ය තොරතුරු සොයා පහර දුන් බව. කියන පුද්ගලයා ගේ නිවෙසට අප යන අවස්ථාවේදී පොලිස් කණ්ඩායමක් එම නිවසේ සිටිනු දැක ගැනීමට හැකි විය. උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේ එම පුද්ගලයා මේ වනවිට මාතලේ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව නිවැසියන් සඳහන් කළ බවයි.මම පහර දීමේ සිද්ධිය ඔහුගේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කළද අප මේ පිළිබඳව පහර දුන් පුද්ගලයා ගේ බිරිද වන ආර්.බී. සංජීවනී මහත්මියගෙන්ද විමමේදී පවසා සිටියේ. මම පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා සහ තම සැමියා අතර අතරමගදී ඇතිවූ බහික්නස්වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා එය වර්ධනය වී ඇති බවය.මාධ්‍ය මගින් හෙළිදරව් කිරිමේ සිද්ධිය කරුණු වීමසීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම ඇතිවී තිබෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.දඹුල්ල මූලස්ථාන පොලිස්සිය හරහා ක්‍රියාත්මක සාමකමිටු සංවිධානයේ සභාපති වී.කේ. විජේසිංහ මහතා පැවසුවේ, පසුගිය දිනවල තමන්ද මෙම ප්‍රදේශයේ මත්කුඩු, නීතිවිරෝධී මත්පැන් සහ ගංජා ජාවාරම් පිළිබඳව පොලීසියට ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදුන් බවය. එය ජනමාධ්‍යයේ පළවීමත් සමග අවසානයේදී තමාට තිදෙනකුගෙන් යුත් මැර කණ්ඩායමක් නිවසටම පැමිණ දැඩි ලෙස පහරදී ඝාතනය කිරීමට උත්සාහ කළ බවය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගෙන් විමස්සීමේදී කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වැවල වැව ප‍්‍රදේශයට පිටත් කර හැරී බවය.

එහෙත් එම පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු ලැබී ඇතැයි ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන දඹුල්ල, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.


 (එස්.කරුණාරත්න)