වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ධූර කාලය පසුගිය පෙබරවාරි 20 වැනිදායින් අවසන් බව නීතිපතිවරයා විසින් ක්‍රීඩා ආමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැන්වීමත් සමග වර්තමාන ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියෙක් පත්කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී නව පරිපාලනයක් පත් කරගන්නා තෙක් අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියෙක් හැකි ඉක්මනින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.විශේෂයෙන්ම වර්තමාන පරිපාලනයේ කාලය අවසන් බව නීතිපතිවරයා තත්වයක් තුළ ඒ සඳහා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ සිදුවිය යුත්තක් බැවින්, නීතිපතිවරයාගේ ලිපියට ක්‍රීඩා අමාත්‍යවරයා කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති නිසා ඇමතිවරයා ඉතා ඉක්මනින් ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ඇතැයිද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.යම් හෙයකින් ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගේ ලිපියට ප්‍රතිචාරයක් නොදක්වා වර්තමාන පරිපාලනය තවදුරටත් පත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට අධිකරණය වෙත යමේ අවස්ථාවක්ද හිමිව ඇති බව නීතිවිශාරදයන් පෙන්වා දේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරින් පත්කර ගැනීමට වූ අවසන් නිලවරණය පැවැත් වූයේ 2019 වසරේ පෙබරවාරි මස 21 වැනිදා වන අතර, එහි නිලධාරී මණ්ඩලයේ ධුර කාලය අවුරුදු 02ක් නොඉක්මවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සඳහන් කර තිබුණි.
එමෙන්ම ඒ හේතුව නිසා එහි වත්මන් නිලධරයන් නීත්‍යනුකූල නොවන බවත්, ඔවුන්ගේ දෙවසරක කාලය අවසන් වී ඇති බැවින් තවදුරටත් ධුරය දැරීමට හෝ කාර්යාලයේ බලතල ක්‍රියාත්මක කිරීමට අයිතිය නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත කෝල්ට්ස් ක්‍රිකට් සමාජය යොමු කළ ලිපියේ වැඩිදුරටත් මේ කරුණ සලකා බැලීමෙන් අනතුරුව, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටූවට පෙබරවාරි 20 වැනි දින සිය ධුර කාලය අවසන් වී ඇති බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
0 Comments