ඉන්දියාවේ මුම්බායි හිදී පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ලකුණු 14 ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.



පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුළු 04 දැවී ලකුණු 181 රැස් කළ අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 182 ඉලක්කයක් ලබාදුණි.

ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 තුළදී එම ඉලක්කය සපුරාගත නොහැකි විය.
ශ්‍රී ලංකා පිල ලබාගත්තේ කඩුළු 7 ට 167 කි.

ශ්‍රී ලකා ඉනිමේ වේගවත්ව පන්දුවට පහරදුන් කෞෂල්‍ය වීරරත්න පන්දු 15 කදී ලකුණු 38 ක් ලබාගත්තේය.
චින්තක ජයසිංහ 40 ක් හා සනත් ජයසූරිය 43 ක් ලබාගන්නා ලදි.

ඉන්දියාව වෙනුවෙන් යුවරාජ් 60 ක් හා පතන් 62 ක් ලබාගන්නා ලදි.