දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වූ COVID-19 මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබාගත් 08දෙනෙකු හදිසියේම මිය යාමේ සිදුවීම සහ ඒන්නත් අතර සම්බන්ධතාවක් නැතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන යටතේ බ්‍රිතාන්‍යයේ AstraZeneca එන්නත ලබාදුන් 08 දෙනෙකු මෙලෙස මරණයට පත්ව තිබුණි. මේ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විශේෂ විමර්ශනයක් සිදුකළ අතර, ඔවුන්ගේ මරණ සිදුවීම සඳහා මෙම AstraZeneca එන්නත හේතු වූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව බලධාරීන් සඳහන් කර සිටියි.
"අපිට පැහැදිලිවම නිගමනයකට එන්න පුළුවන් මේ මරණ සහ එන්නත්කරණය අතර සබඳතාවක් ඇති බවට කරුණු ඉදිරිපත් කරන්න ඉතාමත් අසීරුයි කියන දේ. මෙතැනදී වෙලා තිබෙන්නේ එන්නත සම්බන්ධයෙන් එම මිය ගිය පුද්ගලයන් තුළ ඇති වූ දරුණු ප්‍රතිචාර දැක්වීමයි." කොරියාවේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ඒජන්සියේ අධ්යක්ෂවරයා පවසා ඇත.
දකුණු කොරියාව පසුගිය පෙබරවාරී අවසන් සතියේදී එරට තුළ මෙම COVID-19 මර්දන එන්නත්කරණය ඇරඹු අතර, එහිදී සුරැකුම් නිවාස සහ අනෙකුත් අවදානම් සහිත තනි පුද්ගලයන් වෙත එන්නත ලබාදීම සිදුවිය. ඒ අනුව පසුගිය ඉරිදා දිනය වනවිට එරට ජනතාවගෙන් 316,865 දෙනෙකුට මෙම AstraZeneca එන්නත ලබාදී තිබේ.
0 Comments