sri-lanka-geneva

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු රැසක් අන්තර්ගත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (22 වැනිදා) පැවැත්වීමට නියමිතය.
 
එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැස්ඩෝනියාව ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සාමාජිකත්වය දරන රටවල් 47ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

මෙම යෝජනාව පිළිබඳව  අදහස් පළ කළ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කරන ලද්දේ මෙය මුළුමනින්ම රටවල් කිහිපයක දේශපාලන අවශ්‍යතාව මත ගෙන එන ලද්දක් බවයි. මෙම විවේචන ඉදිරිපත් කරන කිසිදු රටක් වගවීම් සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාව දරා ඇති උත්සාහයක් සඳහා කිසිදු සහායක් දක්වා නොමැති බවද ඇමැතිවරයා පැවැසීය. ඇමැතිවරයා මෙසේද පැවැසීය.

‘‘අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යෑම හෝ රාජ්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීම වගේ රජයේ අභ්‍යන්තර සහ එදිනෙදා කටයුතුවලට මේ යෝජනාවේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒත් පසුගිය වසර කිහිපයේ දී මානව හිමිකම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කිසිදු සඳහනක් එහි අන්තර්ගත කර නැහැ’’

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැස්ඩෝනියාව ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සාමාජිකත්වය දරන රටවල් 47ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. මෙම යෝජනාව පිළිබඳව අදහස් පළ කළ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කරන ලද්දේ මෙය මුළුමනින්ම රටවල් කිහිපයක දේශපාලන අවශ්‍යතාව මත ගෙන එන ලද්දක් බවයි.

මෙම විවේචන ඉදිරිපත් කරන කිසිදු රටක් වගවීම් සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාව දරා ඇති උත්සාහයක් සඳහා කිසිදු සහායක් දක්වා නොමැති බවද ඇමැතිවරයා පැවැසීය. ඇමැතිවරයා මෙසේද පැවැසීය.

නයන තරංග ගමගේ