ඊයේ (22 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කඩකිරීමේ ඡන්ද විමසීම අදට කල් දමා ඇත. මෙය සිදුව ඇත්තේ උපලේඛන ගැටලුවක් හේතුවෙනි.
ශ්‍රී ලංකාවට එරෙහි විවේචනාත්මක කරුණු රැසක් මෙම යෝජනාවට අන්තර්ගත ය. එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සඳහා කවුන්සිලයේ සාමාජිකත්ව දරන රටවල් 47ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ය. මෙම විවේචන ඉදිරිපත් කරන කිසිදු රටක් වගවීම් සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාව දරා ඇති උත්සාහයන් සඳහා කිසිදු සහායක් දක්වා නැතැයි විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
0 Comments