sri-lanka-government-covid19

කෝවිඩ් - 19 තත්වය තුළ රාජ්‍ය ආයතන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළද, ඇතැම් ආයතන තුළ කෝවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ඇතැම් ආයතනවල දෑත් සේදීමට අදාළ පහසුකම් නිසි ලෙස නොමැති බවත්, මීට අමතරව සියලුම රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කරන බැවින් ඇතැම් ආයතන තුළ දුරස්ථභාවය තබා ගැනීමේදී ගැටලු ඇති වී තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.මේ පිළිබඳව අද අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ රාජ්‍ය ආයතන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණද, කෝවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව අදාළ කටයුතු සිදුකරන බවයි.

මේ පිළිබඳව අද අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ රාජ්‍ය ආයතන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණද, කෝවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව අදාළ කටයුතු සිදුකරන බවයි.කෝවිඩ් - 19 තත්වය තුළ යම් යම් සීමා යටතේ බොහෝ රාජ්‍ය ආයතන පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ අතර, පසුගිය 08 වැනි දින සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.මේ පිළිබඳව අද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතාගෙන් විමසීමක් කළේය.ඒහිදී සභාපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන තුළ කෝවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා බලන බවයි. දැනට සිදුකළ සොයා බැලීම්වලට අනුව බොහෝ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත්, අඩුපාඩු සහිත ආයතනවලට එය නිවැරදි කර ගැනීමට මේ වනවිට උපදෙස් ලබාදී තිබෙන අතර, අදාළ කටයුතු නිවැරදි කර ගැනීමට කටයුතු නොකළහොත් අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා බලන බවයි. දැනට සිදුකළ සොයා බැලීම්වලට අනුව බොහෝ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත්, අඩුපාඩු සහිත ආයතනවලට එය නිවැරදි කර ගැනීමට මේ වනවිට උපදෙස් ලබාදී තිබෙන අතර, අදාළ කටයුතු නිවැරදි කර ගැනීමට කටයුතු නොකළහොත් අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය.දැනට සිදුකරනු ලබන්නේ උපදෙස් ලබාදීම පමණක් බවත්, උපදෙස් ලබාදීමෙන් පසු අදාළ කටයුතු සිදුකර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය නීතිමය. ක්‍රියා මාර්ග ගන්නා බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)