සූවස් ඇළේ ගමනාගමනය අවහිර කර ඇති යෝධ බහාලුම් නෞකාවක් නිසා පසුගිය දිනවල ලෝකයම ඒ ගැන කතා කළේ ප්‍රධාන ගෝලීය වෙළඳ මාර්ගයක් ඇණ හිටීම නිසාය.
 ඇදගෙන යාමේ උපාමාරු වලට නෞකාව යොමු කර බාධකයෙන් ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් ගත් අතර
සූවස් ඇල අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් ඔසාමා රබී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සඳුදා උදෑසන වනවිට බාධකයෙන් මුදවා ගැනීමට සමත්වූ බවයි.


නැවේ සිරවීම දැන් වෙරළේ සිට මීටර් 102 ක් (අඩි 334) දුරින් පිහිටා ඇති බවද අඩි 1,400 ක් දිග යාත්‍රාව දැන් අවහිරතාවයෙන් සියයට 80 ක් මෑත් කර ඇති බවද ඔහු පවසයි.
මෙම අවහිරතාව නිසා පසුගිය සතියේ අඟහරුවාදා සිට සූවස් ඇළේ දකුණු කොටස හරහා බහාලුම් නැව් දුසිම් ගනනක් සහ තොග වාහක ඇතුළු නැව් 367 ක් සතියක කාලයක ගමන් කතර කිරීමට සිදුවිය.
වසා දැමීම නිසා මැද පෙරදිග සිට යුරෝපයට තෙල් හා ගෑස් නැව්ගත කිරීම කඩාකප්පල් විය.
මේ නිසාම ගෝලිය ආර්ථික ගැටලුද පැනනැගි අතර තෙල් නිෂ්පාදන ටැංකි සඳහා නැව් ගාස්තු දෙගුණයකට ආසන්න වී ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.
අතරමං වූ යාත්‍රාව ඉවත් කිරීම සඳහා සූවස් ඇල අධිකාරිය සති අන්තයේ පවා වැඩ කළ අතර වැලි මෙට්‍රික් ටොන් 27,000 ක් අඩි 60 ක් ගැඹුරට මාරු කළ බව වාර්තා කරන ලදි.
නෞකාව ඉවත් කිරීම සඳහා කඹ ඇදීමේ බෝට්ටු 14 ක් දිශාවන් තුනකින් උපාමාරු යොදමින් සිටියහ.
වඩදිය බාදිය ජල මට්ටම නැවත ඉහළට ගෙන එන විට නැවත උපාමාරු දැමීමට සිදුවිය.
ඇළ අධිකාරිය කියා සිටින්නේ “යාත්‍රාව සම්පූර්ණයෙන් පාවී ගිය පසු ඇළේ ගමනාගමනය නැවත ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රජාවට සහතික කිරීමේ පණිවිඩයක් යවන” බවයි.
පැනමාව සලකුණු කළ සහ ජපානයට අයත් ආසියාව සහ යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහනය කරන මෙම නෞකාවේ හිමිකාරීත්වය දරන්නේ ෂෝයි කිසෙන් කයිෂා ලිමිටඩ් නම් සමාගමකි.