sunil-ariyaratne-speaks

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු  ගේය පදරචකයකු, සාහිත්‍යවේදියකු මෙන්ම  විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නැණස පෑදු මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්න මහතා පිළිබඳව පසුගිය දිනවල කතාබහක් ඇති වුණි.  ඒ ගීත කොල්ලයක් පිළිබඳවය. එහෙත් ඊටත් වඩා ඔහුගේ ජීවිතයට බලපාන කරුණක් දැන් ඇති වී තිබේ. ඒ ඔහු නමින් වන පුද්ගලයකු කලාකරුවන් රැවැට්ටමේ ප්‍රයත්නයක නියැළී සිටිමය. මෙය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ජිවිතයට ද ප්‍රශ්නයක් වී තිබේ.



"දවස්වල එක පැත්තකින් මගේ නිර්මාණ කොල්ලකනවා. අනෙක් පැත්තෙන් මගේ නමත් කොල්ලකනවා. මට දැන්න යන එනමං නැති වෙලාතිබෙන්නේ. නමත් බේරගෙන නිර්මාණත් බේරගෙන ජීවත් වෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය පැනනැගිලා තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න නමින් අංක 3කින් කලා  ක්ෂේත්‍රයේ අයට පුද්ගලයකු කතා කරනවා.  මේ කතා කිරීම පටන් ගත්තේ 2019 වර්ෂයේදී. ඔය විදියට කතා කරන්න පටන් ගන්නකොටම මම 2013.03.13 වැනි දින දවසේ  මිරිහාන  පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. දැන් 2021 වර්ෂයටත් ඇවිත්. අද වනතුරුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරුණේ නැ. එහෙත් නැවත නැවතත් ඒ අංක තුනෙන් මේ මානසික ලෙඩා කතා කරනවා.  

කාලයක් ඔහු කතා කරන්නේ ෆොටෝ ෂූට් කරන ඡායාරූප ශිල්පීන්ට, මොඩ්ලින් කරන තරුණියන්ගේ පින්තූර ගන්න ඡායාරූප ශිල්පීන්ට. ඒ වගේම තවත් අමුතු මානසිකත්වයක් මේ මානසික ලෙඩාට තිබෙනවා. ඒ තමයි මොෂල් ආරට්  කරන ගැහැනු ළමයින් සොයා ගැනීම සදහා විවිධි ආයතනවලට විශේෂයෙන්  ශ්‍රී ජයවර්ධනපුර අපේ විශ්වවිද්‍යාලයටත්, රුහුණ විශ්වවිද්‍යාලයටත් එහි ක්‍රීඩා අංශවලට කතා කරලා තිබුණා මාෂල් ආර්ට් කරන ගැහැනු ළමයින්ගේ අංක ලබාගන්න. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලකුණ, මගේ චිත්‍රපටවල කොටස් (පත්තිනි, කුසපබා, විජයබා කොල්ලාය, යශෝධරා) දාපු පොඩි ටෙලර් එකක් වගේ හදලා. ඒක දාලා තමයි මෙයා හඳුන්වා දෙන්නේ. එයා කියන්නේ මම සුනිල් ආරියරත්න .අලුත් චිත්‍රපටයක් කරනවා. ඒකට නිළියන් ගන්නවා. මුදල් වගේම  විශ්‍රාම වැටුපක් ද දෙනවා කියලා ඉස්සෙල්ලා පින්තූර ගෙන්වා ගන්නවා. ඊළඟට වට්ස්ඇප් (WhatsApp )හරහා ඉන්ටර්විව් කරනවා. හැබැයි මිනිහ පේන්න එන්නේ නෑ.  එක ගැහැනු ළමයෙක් රුපියල් 8000ක් ඔහු කියූ ගිණුමට දලත් තිබෙනවා. සල්ලි ගැන ආරංචි වුණේ එච්චරයි.

ආධුනික ළමයින්ට කතා කළා නම් කමක් නෑ  කියමුකෝ. ඊට කලින් මම හොඳින්ම දන්නවා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යටත් කතා කරලා. ඒ අතරේ සුලෝචනා විරසිංහ, දුලානි අනුරාධා, පියුම් බොතේජු, ගංගු රොෂානා, මාදනී මල්වත්ත වගේ විශාල පිරිසකට කතා කළා. මේ විදිහට මානසික ලෙඩා විශාල හානියක් කරගෙන යනවා.   මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා මගේ ප්‍රශ්නය අරන් පොලිසියට මම ගියේ නෑ.  මොකද ඔවුන්ට ඊට වඩා වැඩ කටයුතු යෙදිලා තිබෙන හින්දා.

කොරෝනා  සම්බන්ධ දහසකුත් වැඩ ඔවුන්ට තිබෙනවා. මගේ පුද්ගලික ප්‍රශ්නයක් කියලා ඔවුන්ට තව තවත් වද දෙන්න උත්සාහ කළේ නැ. එහෙත් මම දැන් නැවතත්  තිබෙන පැමිණිල්ල අලුත් කරන්න හෝ අලුතින්ම පැමිණිල්ලක් දාන්න බලාපොරොත්තු වනවා.  එහෙම නැත්තම් කිර්තීනාමයට  පමණක් නොව ජීවිතයටත් එයින් තර්ජනයක් වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ඔහු මානසික ලෙඩෙක් කියලයි.  මොකද අනිවාර්යනේ මේ ලෙඩා ගැහැනු ළමයින්ට පේන්න එන්නේ නැ.  මහ රෑ නිලියන් ඉන්ටර්විව් කරනවා.

ඇත්තටම ඒ ළමයි හිතනවා මමයි මේ කතා කරන්නේ කියළා. මීට ඉස්සෙල්ලා සහාය අධ්‍යක්ෂවරයෙක් වන  ඩොනල්ඩ් ජයන්ත,  ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත  වර්ණසූරියට මේ වගේ දේවල් සිද්ධ වුණා. හැබැයි ඒ අයට බැරී වුණ ඒ අය නමින් කතා කරපු ඒ මානසික ලෙඩාව හරියට හඳුනාගන්න. ඒත් යම් තරමකට උදයකාන්ත වර්ණසුරිය සොයාගෙන ගියා. ඔහු කිව්වා සමහරවිට මගේ නමින් කතා කළ ඒ මානසික ලෙඩා වෙන්නැති ඔබතුමා නමිනුත් කතා කරන්නේ කියලා. ඉතා ඉක්මනින් ඔහු එළියට ඇදාලා මාධ්‍යයට හෙළි කළ යුතු බවයි මා හිතන්නේ.

මම මෙහිදී බැගැපත්ව ඉල්ලන්නේ මෙවැනි මානසික ලෙඩ්ඩුන්ට අහුවෙන්න එපා කියලයි. මේ පිළිබඳව නැවත පොලිසියට පැමිණිල්ලක් දාන්න මා බලාපොරොත්තු වෙනවා. මේ රටේ සිටින තරුණ තරුණියන් මේ මානසික ලෙඩාට රැවටෙන්න එපා කියලා මම ආයාචනා කරනවා."

(සමන්ත යහම්පත්)