කොළඹ මහ නගර සභාවේ නවක මන්ත්‍රීවරියක ලෙස ශ්‍රී. ලංකා නිදහස් පක්ෂයෙන් සුරේකා අබේගුණරත්න මෙනවිය පසුගියදා පත්වූවාය.ඇය කොළඹ මහනගර සභාවේ වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ දේශමාන්‍ය සමන් අබේගුණරත්න මහතාගේ එකම දියණියයි.
ඒ අනුව මේ වන විට කොළඹ මහනගර සභාවේ පියාත් - දියණියත් නගර සභා මන්ත්‍රීන් වීම විශේෂත්වයක් වන අතර එවැනි නියෝජනයක් කොළඹ මහ නගර සභාවේ සිදුවන්නේ පළමු වතාවටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ කාන්තා බලමණ්ඩලයේ සහ අපි ශ්‍රී ලංකා මැද කොළඹ මාධ්‍ය සංසදයේ ප්‍රධාන ලේකම් වශයෙන්ද කටයුතු කරන ඇය සාම විනිසුරුවරියක්ද වන්නීය.කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක මෙන්ම බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ ආදි ශිෂ්‍යාවකද වන ඇය දැනට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙසද සේවය කරයි. අබේගුණරත්න මෙනවියගේ මුත්තාද හැටේ දශකයේදී කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.
(මුදිතා දයානන්ද)
0 Comments